ඇස් අද්දරට කඳුළක් ඇවිත්
ගිලිහෙන්න දඟලනා තරමක්
මම ඒ කඳුල සඟවන්
හිනැහෙන්න හදනා තරමක්
නුඹ දන්නේ නෑ ඒ කිසිවක්
නුඹ දන්නේ නෑ ඒ කිසිවක්
දැන් දැන් එතැයි සිතමින්
මම මග බලා වුන් තරමක්
නුඹ ඇවිත් ඒ සැනෙකින්
වෙන් වී ගියා මවෙතින්
සිත රිදුම් දෙන තරමක්
නුඹ දන්නේ නෑ ඒ කිසිවක්
නුඹ දන්නේ නෑ ඒ කිසිවක්
හිත රිදී රිදී රිදෙමින්
නුඹ ගැනම සිතන තරමක්
නොදැනීම නෙතින් කඳුළක්
ගිලිහෙන්න හදයි රහසෙන්
සිත රිදුම් දෙන තරමක්
Tuesday, November 19, 2013
Friday, November 15, 2013
ආදරය සහ මිත්‍රත්වය
බස් එක රත්නපුරේ බස් නැවතුමෙන් කලවානට එන්න පිටත් වෙන්න හදන කොටම හිස් වෙලා තිබ්බ මගේ සිට එකේ කවුරු හරි වාඩි වුණා කියලා මට දැනුණා. ඒ කවුද කියලා දැන ගන්න මට ඕනි වුණේ නැති හින්දා කවුළුවෙන් එළියේ තිබ්බ ඇස් ඔහේ තියෙන්න දුන්නා.
එක පාරටම හුරු පුරුදු කට හඬක් ළඟින්ම ඇහුණා. මම හෙමිහිට කටහඬ ආපු දිහාව හැරිලා බැලුවා. මන් ගාව ඉඳන් හිටියේ ඉස්සර මගේ පන්තියේ හිටපු පිරිමි ළමයෙක්. නම සුනෙත්
"ආනේ මම දැක්කේ නෑ"
මම උත්තර දුන්නේ පුදුමයෙන්. ගොඩක් කාලෙකට පස්සේ බලාපොරොත්තු නොවුණ වෙලාවක සුනෙත් හම්බ වෙච්ච එකට මම එච්චර කැමති වුණේ නෑ. එකට හේතු වුණේසුනෙත්ගේ හිතේ මගේ ගැන අදහසක් තිබුණ කියලා මට දැනිච්ච එක. මම කොහොමටවත් කැමති වුණේ නෑ ඒ වගේ සම්බන්ධකම් ඇති කර ගන්න.
"දකින්නේ කොහේද අහක බලාගෙන ඉන්න කොට. හැබැයි ඔයා නම් පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ."
සුනෙත් ඉස්සරට වඩා කටකාර වෙලා කියලා මට හිතුණා.
"ඔයා නම් ගොඩක් වෙනස් වෙලා වගේ" මමත් දන්නෙම නැතිව සුනෙත් එක්ක කතාවට වැටුණා.
පැය දෙකක් පුරාවටම අපි දෙන්නා එක එක මාතෘකා ගැන කතා කළා. අන්තිමට දන්නෙම නැතිව කලවානටම ආවා.
"එහෙනම් අපි යන්නම්"
සුනෙත් හිනා වෙලා බස් එකෙන් බැහැලා ගියා. කොච්චර දේවල් කියෙව්වත් එදත් සුනෙත් කිසිම වැරදි කතාවක් කිව්වේ නෑ. සමහර විට මම තරහ වෙයි කියලා බයට වෙන්න ඇති. කොහොම වුණත් ඒ හින්දම ආයේ හම්බ වුණේ නැතත් අපේ යාළු කම නැති වුණේ නෑ.
යාළුකම් ආදරේට පෙරලා ගන්න දඟලන ය අතර යාළුකම් නැති වෙයි කියලා ආදරේ හංගාගෙන ඉන්න සුනෙත් ගැන මට දැනුනේ පුංචි අනුකම්පාවක්.
Thursday, October 17, 2013
අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
"වෙනදට තොරතෝංචියක් නැතිව කියවන කෙල්ල මොකෝ මේ අද මූඩ් ගහලා."
පන්තියේ හැමෝටම අද මාව ලොකු ප්‍රශ්නයක් වෙලා. ඉස්සර ඉඳන්ම කට පරිස්සම් කරගෙන හිටියා නම් හොඳයි. එහෙනම් අද කාටවත් මාව ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මින්ස්සු නිහඬව ඉන්නේ මොන මොනා හරි කල්පනා කරන හින්දා. කලපනා කරන්නේ ප්‍රශ්න තියෙන හින්දා. එත් මට මෙච්චර කල් ප්‍රශ්නයක් තිබ්බේ නෑනේ. දැනුත් මේ මගේ පිටට ඇවිත් තියෙන්නේ මගේ ප්‍රශ්නයක් නෙමෙයි. අනේ මන්දා මොනා කරන්නද කියලා.
ඉස්කෝලේ යන මට මොන ආදර කතාද. එත් එකපාරටම බෑ කිව්වොත් මේකා මොන හරි කරගත්තොත් එහෙම. අනික ඉතින් බඳින්න තව කොච්චර කල් තියේද? කවුද දන්නේ එතකොට මොනවයින් මොන වෙයිද කියලා. මේ මනුස්සයා මොකට මන් ගැන මෙහෙම හිතුවද මන්දා. දැන් ඉතින් යාළුකම් ඉවරයි.
මමත් දැන් ඉතින් කල්පනා කරනවා. කතා කරන්න තියා කන්න බොන්නවත් හිතෙන්නේ නෑ. වෙලාව ඔහේ යනවා. ප්‍රශ්නෙට විසඳුමක් නෑ. මගේ ප්‍රශ්නේ දන්නා කට්ටිය අනුකම්පාවෙන් මන් දිහා බලනවා. නොදන්නා කට්ටිය අඟහරු බට්ටෙක් දිහා බලනවා වගේ මගේ දිහා බලනවා. ඔය මේ අස්සේ හදිස්සියකට එළියට යන්න වුණා. අපහු එද්දී නන්නාඳුනන කෙනෙක් මගේ පොතේ සින්දුවක් ලියලා.
"මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න"
ඒක දැක්කම මට ඉබේටම හිනා ගියා. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ ඔක්කොම ප්‍රශ්න විනාඩියෙන් අමතක වුණා.
"කවුද මගේ පොත අල්ලපු බුරුවා" පන්තියම උඩ යන්න මම ඇහුවා.
Wednesday, October 16, 2013
සමනල සංධ්වනිය
" එකකට එකක් සම්බන්ධ එකක් පස්සේ එකක් ගමන් කරන දෙයට මිනිස්සු කියන්නේ ජීවිතය කියලා.
" එකකට එකක් සම්බන්ධ නැති එකක් පස්සේ එකක් ගමන් කරන දෙයට මිනිස්සු කියන්නේ ආදරය කියලා."
--- පුණ්‍යා
පුණ්‍යා කියන්නේ සුන්දර කෙනෙක්. බාහිර ප්‍රති රූපයෙන් විතරක් නෙමෙයි හදවතින්ම සුන්දර කෙනෙක්. හිතට දැනේන සිතුවිලි වචන කරන්න පුණ්‍යාට තියෙන්නේ පුදුමාකාර හැකියාවක්. ඒ වචන වලට වගීෂ රේවත විතරක් නෙමෙයි ඕනෑම සංවේදී කෙනෙක් අල්ලලා බැඳ ගන්න පුළුවන්.
රේවත කියන්නේ වාසනාවන්තයෙක් පුණ්‍යා වගේ කෙනෙක් ගේ ආදරයක් ලබන්න රේවත ගොඩාක් වාසනාවන්තයි. එත් ඒ බොහොම කෙටි කාලයකට. දෛවය එහෙම තමයි.
වගිෂ කියන්නේ අවාසනාවන්තයෙක් නෙමෙයි. තමන්ගේ නොවන දෙයක් වෙනුවෙන් ජීවිතේම අඬා වැටෙන කෙනෙක්. කොල්ලෙක් හින්දා කඳුළු කරගන්න බැරි වේදනාව සංගීතයෙන් පිට කරන කෙනෙක්. මත් පැන් වලින් වේදනාව යටපත් කරගන්න දඟලන කෙනෙක්. කාටවත් කියාගන්න බැරි අහිංසක ඒක පාර්ශ්වික ආදරේක උරුමක්කාරයෙක්.
සමනල සංධ්වනිය කියන්නේ කාලෙකට පස්සේ නරඹපු පුංචි සිද්දියක් වටා ගෙතුණ ලස්සන සංවේදී චිත්‍රපටයක්.

Tuesday, October 8, 2013
ආදරණිය ඉස්කෝලේ
අවුරුදු දහයකට විතර පස්සේ ආපහු ඉස්කෝලෙට ගියා. ඒ අම්මා විශ්‍රාම ගත්ත හින්දා. ගේට්ටුවෙන් ඇතුල් වෙච්ච වෙලාවේ ඉඳන් හිතේ කෙරවලක ගොඩ ගැහිලා තිබ්බ මතක සටහන් එක එක මතක් වෙන්න ගත්තා.
අම්මයි තාත්තයි දෙන්නම වැඩ කලේ ඉස්කෝලේ හින්දා මම ඉස්කෝලේ ගියේ දන ගාන කලේ ඉඳන්මයි. අකුරු ලියන්න කියවන්න විතරක් නෙමෙයි නැගිටින්න ඇවිදින්න ඉගෙන ගත්තෙත් ඉස්කොලේන්මයි. ඒකාලේ හිටපු කවුරුවත් දැන් නෑ. ඉතිරි වෙලා හිටියේ අම්මා විතරයි.
එත් පන්ති කාමර පිට්ටනිය ගස් කොළ එහෙම්මම තිබුණා. ඒවා වටේ දුවපු සෙල්ලම් කරපු වැටිලා අඬපු මම විතරක් වෙනස් වෙලා කියලා මට හිතුනා. පුංචිම කලේ පඩිපෙල් නැග ගන්න බැරි වුණ මම පස්සේ කාලෙක උඩට පහලට ඉවරයක් නැතිව දුවපු හැටි මතක් වුණා. මගේ අඩි සටහන් ඉස්කෝලේ මිදුලේ පුරාම ඇති කියලා මට හිතුණා
ටිකෙන් ටික මම ලොකු වෙද්දී තාලෙට අඩි තිය තිය පද්ද පද්ද ඉස්කෝලෙට ආපු හැටි. කොල්ලෝ දිහා හොරෙන් බලලා ඇද කරපු හැටි. මුකුළු කර කර කට්ටිය එක්ක තොරතෝංචියක් නැතිව කියවපු හැටි. ඔක්කොටම වඩා දන්නේ ඉස්කෝලේ තියෙන ගස් ගල් කියලා මට හිතුණා.
අළුත් ගුරුවරු මම දිහා බලද්දී මට උගන්වපු ඒක ගරුවරයෙක් හරි හිටියනම් කියල හිතුනා. එහෙනම් ආයෙත් එක පාරක් හරි සාරි පොටේ එතිලා හුරතල් වෙන්න තිබ්බා. ඒ කාලෙට ආයෙත් යන්න තිබුණා නම් කියලා ගොඩක් සැරයක් හිතුණා.

Wednesday, September 25, 2013
Supper Star
Super Star උණුසුම තදටම තිබුණේ මම A/L කරන කලේ. එත් අභාග්‍යයට වගේ අදාල channel එක අපේ ගෙදරට පෙනුනේ නෑ. ඒ හින්දම මට ඒ උණුසුම දැනුනේ ටිකක් අඩුවෙන්. එත් ඉතින් හැමෝම ඒක ගැන කියවන කොට මටත් පැත්තකට වෙලා ඉන්න බැරි වුණා. ඉස්කෝලේ මට අල්ලපු පුටුවේ හිටපු යාලුවට Super Star උණ තදටම තිබුණා. එයා තමයි මටත් බෝ කලේ.
එයා ඒ දවස්වල වචන 10ක් කිව්වොත් 8ක්ම "ශිහාන්"
කවුද මේ "ශිහාන්"
පස්සේ එයා මට පත්තරේක තිබුණ photo එකක් පෙන්නුවා. හ්ම්ම්ම් ලස්සන කොල්ලෙක්. ඔන්න මටත් ටික ටික රෝග ලක්ෂණ පහල වුණා. මේ සතියේ නම් කොහොම හරි Super Star බලන්න ඕනේ මම එහෙම හිතුවා. ඇන්ටනාව කරකවලා උස්සලා යන්තම් අර channel එක පෙන්න හදා ගත්තා. එත් ඉතින් පෙන්නේ හොල්මන් වගේ. කමක් නෑ එහෙම හරි පේනවනේ.
ඔන්න ඉතින් රෑ ඇහැරලා වෙලාවට ඇස් කට අයාගෙන TV එක දිහා බලාගෙන හිටියා. මෙන්න ශිහාන් අයින් කරන දෙන්නට තේරිලා. වෙන්න බැනේ. අනේ මන්දා මේකේ හරියට පේන්නෙත් නෑනේ.
මෙන්න ශිහාන් අයින් වෙනවා....වෙන්න බෑ.
"ඇස් දෙක පියාන නිදා ගන්න මට බෑ බෑ බෑ" මේ මොකද වෙන්නේ මටත් බෑ බෑ වගේ වුණා.
පහුවෙනිදට ඉස්කෝලෙම මළ ගෙදර වගේ. මටත් ඇඩෙන්න වගේ. කට්ටිය මට බනිනවා. මම බලපු නිසා තමයි එහෙම වුණේ කියලා. අපරාදේ.
ශිහාන් අයින් වුණත් පිස්සුව අඩු වුණේ නෑ. තව තව වැඩි වුණා. පත්තර වල ගිය photo විතරක් නෙමේ සල්ලි දීලත් photo අර ගත්තා. අල්මාරියේ දොර ඇතුලෙන් ශිහන්ගේ ලොකු photo එකක් ඇලෙව්වා. කාමරේ දොර ඇතුලෙනුත් තව photo එකක් ඇලෙව්වා. එතකොට මට විතරනේ පෙන්නේ. ම්ම්ම් purse එකටත් එයාගේ චූටී photo එකක් දා ගත්තා. ඒ හැමදේකින්ම මට අහිංසක සතුටක් ලැබුණේ. එත් කාලයත් එක්ක ඒ පිස්සුව ටික ටික අඩු වෙලා ගියා. ශිහාන්ගේ සින්දු වලට නම් තාම ආසයි හැබැයි.

Monday, September 9, 2013
Toilets and Bathrooms
අද ඉතාමත් විශේෂ දවසක් . ඒ මොකද අද අපේ හොස්ටල් එකේ අළුත්වැඩියා කරන ලද toilets and bathrooms සුබ මොහොතින් විවෘත කරනවලු. කණගාටු දායක සිදු වීම නම් මට ඒකට සහභාගි වීමට නොලැබීමයි.
අදින් මාස හයකට කලින් දවසක බෑ බෑ කියලා අඩද්දී අම්මයි තාත්තයි අක්කයි මාව මේ හොස්ටල් මන්දිරයට ගෙනත් ඇරලුවා. නියම බූත බංගලාවක් මට හිතුනේ එහෙම. දොරවල් ඇරෙද්දි කර කර ගාලා සද්ද ඇහෙනවා. දඩාංන් ගාලා ජනෙල් වැහෙනවා. එකේ ඉන්න කට්ටිය නියම හොල්මන්. හිනා වෙන්නේ නෑ බැරිවෙලාවත්.
මම ඇවිත් සතියකින් යන්න තිබ්බ toilets and bathrooms repair කරන්න ගත්තා. හපොයි ඊට පස්සේ හැමදාම ඈත තිබ්බ bathroom එකකට යන්න වුණා. හොස්ටල් එකේ හිටපු ඔක්කොම ආවේ එතනට. එක එක විදිහේ කට්ටිය. හැමෝගෙම ඇත්තම ස්වරුපය බලන්න නම් එතනට තමයි එන්න ඕනේ.බාල්දි තියාගෙන කට්ටිය පෝලිමේ. ඔක්කොටම තිබ්බේ bathroom 3යි. සමහර අයගේ නම් සංගම් තිබ්බා. මම නම් බුම්මන් පැත්තකට වෙලා හිටියා.
මාස 2න් හදනවා කිව්වා bathroom හදන්න මාස පහක් විතර ගියා. තව සතියක් ගිය එක විවෘත කරන කෙනාට රට ඉඳල එන්න. අනේ මන්ද මට කිව්වා නම් කරදර නැතිවම විවෘත කරනවා. හැමදාම උදේට ප්ලිමේ ඉද්දි බලෙන්ම ගිහින් විවෘත කරන්න ඕනෑ තරම් හිතිලා තියෙනවා. කොහෙද තඩි ඉබ්බෙක් දාලනේ. කොහොම හරි මම මේ මාසේ අග හොස්ටල් එකෙන් අයින් වෙන්න කලින් අළුතෙන් හදපු toilet එකකට යන්න ලැබෙන එක නම් වාසනාවක්.

Wednesday, September 4, 2013
අපි පරාදයි
මම ඉස්සර නෙට් බෝල් සෙල්ලම් කරන්න ගොඩක් අසාවෙන් හිටියේ. මම ටිකක් අනිත් අයට වඩා වයස අඩු හින්දා වයස හරියන කල් ටිකක් ඉන්න වුණා. කොහොම හරි මහන්සි වෙලා නිවාසාන්තර තරඟයක 13න් පහළ කණ්ඩායමට යන්න මට පුළුවන් වුණා. ඒ දවස් වල මම හැමදාම පුහුණු වීම් වලට ගියා. කණ්ඩායම් හැඟීම උතුරලා යන්න. කන්නේ බොන්නෙත් ටීම් එකේ කට්ටිය එක්ක.
කොච්චර වැටුණාත් තුවාල වුණත් කවදාවත් පුහුණු වීම් නම් අත ඇරියේ නෑ. අම්මා බනිනවා ගෙදර ගියාම. ඇඳුම් වල මඩ ගාගෙන එනවා මට බෑ හෝදන්න කියලා. ආච්චි අම්මා තෙල් බෝතලේ අතේ තියන් ඉන්නේ හවසට ගාලා අත ගන්න. අනිත් අයට වඩා මම චුටි නිසා මට ගොඩක් මහන්සි වෙන්න වුණා.
ඔන්න මැච් එක තියෙන දවස. අපි දිනයි කියල හැමෝම බලාගෙන හිටියේ. මුලින් අපි හොඳට සෙල්ලම් කළා. එත් අග හරියේ අපට මැච් එක අත ඇරුණා. අනිත් ටීම් එක ලකුණින් ලකුණ වැඩි වෙද්දී අපි මානසික මට්ටමත් ටික ටික බිම වැටුණා. කවදාවත් පරාද වෙලා නැති මට දරා ගන්නම බැරි වුණා. ඇස් වලින් කඳුළු බේරෙන්න ගත්තා. කට්ටිය පිටට තට්ටු කර කර මාව ෂේප් කරන්න හැදුවා. මැච් එක ඉවර වුණා. මම අඬා ගෙනම අම්මා ගාවට ගියා. ගොඩක් ඇඩුවා. අම්මා ඔලුව අත ගාලා කිව්වා." එහෙම තමයි පුතේ තරඟයක් වුණාම කට්ටියක් දිනනවා කට්ටියක් පරදිනවා "කියලා.
එදා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජිවිතේ හැමදාම දිනන්න බෑ. පරාද වෙන්නත් පුළුවන්. අපි දින්නත් පරාද වුණත් අපිට ආදරේ කරන අය අපිව අත අරින්නේ නෑ. වැදගත් වෙන්නේ අපි ලබන අත්දැකීමයි.

Thursday, August 29, 2013
යෙහෙළියේ....
මතක් කර කර හිනාවෙන්න
පුළුවන් පරිච්ඡේදයක් වේ
ඒ නුඹ එක්ක මම උන්නු කාලයයි...
පිස්සු වැඩ නිමක් නැති
කරපු නැති දෙයක් නැති
ජීවිතේ බරපතලකම ගෑවිලා නැති
ඒ කාලේ ඇත්තමයි සුන්දරයි නිමක් නැති
කොල්ලන්ට ඇද කරලා
අහක බලාගෙන උන්නු
කටකොනින් හිනාවෙලා
පස්සේ ඔරවලා බලපු
ඇත්තටම පව් අනේ කොල්ලන්ට දීපු ලණු
නවතින්න බැරි උනත්
තාම ඉඳහිට යනවා
ඒ සොඳුරු මල් සමයට
තනිකමක් පාළුවක් දැනෙන හැම වෙලාවෙම
Thursday, August 22, 2013
දන්සැල් කෑම
වෙසක් පෝයට පොසොන් පෝයට විතරක් නෙමෙයි ඇසල පෝයටත් ලංකාවේ හැමතැනකම වගේ දන්සැල් දෙනවා. එත් මට අවුරුදු දහ අටක් විතර වෙනකල්ම දන්සැලකින් කන්න චාන්ස් එකක් ලැබුණේ නෑ. ඒ දවස් වල හැමතැනම ගියේ තාත්තා එක්ක. තාත්තා කොහොමවත් මාත් එක්ක යද්දී දන්සැල් වල නම් නවත්තන්නේ නෑ. ඒ හින්දම දන්සැලකින් කන්න පුදුම අසාවක් මට තිබුනේ. අඩුතරමේ බිස්කට් එකක්වත්.
ඔන්න දවසක් වෙසක් පෝයට පස්සේ දවසේ A/L class එකක් තිබුණා. මමත් අසාවෙන් ගියා. දන්සැල් කන්නත් පුළුවන්නේ. මම දන්සැල් කන්න අසාවෙන් හිටපු නිසා යාලුවෝ ඔක්කොම මාව නොන්ඩි කර කර තමයි ආවේ.
වෙලාවටම වගේ බස් එක දන්සැලක් ළඟ නැවැත්තුවා. මම දැන් හා හා පුරා කියලා දන්සැලෙන් කන්න බලාගෙන ඉන්නවා. බිස්කට් ට්‍රේ එකක් අරගෙන කොල්ලෙක් බස් එකට නැග්ගා. වට පිට බලලා මේ මනුස්සයා මටම මුලින්ම ට්‍රේ එක ඇල්ලුවනේ.හරියට දැනගෙන හිටියා වගේ. යාලුවෝ උඩ පැන පැන හිනා වෙන්න ගත්තා. මාර නෝන්ඩිය. මම අහක බල ගත්තා. කොහොම හරි එදත් දන්සැල් කන්න බැරි වුණා.

Thursday, August 15, 2013
ඈත ගිය නුඹට
පියෙන් පියට මාවත දිග ඇවිදන් යනවා
නෙතින් නෙත ගැටි දහසක් දෙන පසුවෙනවා
නැති බව දැන දැනම මා නුඹේ රුවම සොයනවා
නුඹ දන් නෑ තාමත් මම නුඹම පතනවා
නුඹේ අත ගෙන ඇවිදන් ගිය හැටි සිහිවෙනවා
කියපු කතා තාමත් මට සෙමෙන් ඇසෙනවා
නුඹේ හිනාව දුර ඈතින් තාම ඇසෙනවා
අහිතක් නෑ ළඟ ඉන්නවා වාගේ දැනෙනවා
අදින් නිමක් නෑ හෙට යළි දිනක් ලබනවා
ළඟ නැති බව හැමතිස්සෙම මට සිහිවෙනවා
ඊයෙත් ළඟ උන්නා වගේ හිතට දැනෙනවා
නුඹ එනතුරු තාමත් මග බලන් ඉන්නවා
Tuesday, August 13, 2013
ඇසල තොරණ
මේ පාර ඇසල පෝයට පළමු වතාවට අපේ ගමේ පන්සලේ තොරණක් හදනවා කියලා ආරංචි වුණා. ඉස්සර නම් හැම පොසොන් පෝයටම කලවාන ටවුන් එකේ තොරණක් හදනවා. එත් දැන් ඒක හදන්නෙත් නෑ. ඒ හින්දම කොහොම හරි තොරණ බලන්න යන්නම ඕනි කියලා හිත ගත්තා. වෙලාවටම ඇසල පෝය තිබ්බේ සඳුදා දවසක. ඉතින් තොරණ බලන්න බලාගෙනම සෙනසුරාදා ගෙදර ආවා. තාත්තාට තොරණ විවෘත කරන්න ආරාධනාවකුත් ලැබිලා තිබුණා.
කොහොම හරි පළමු වතාවට මෙහෙම දෙයක් කරද්දී අනිවරෙන් බාධක එනවනේ. ඔන්න මුල්ම බාධාව සොබාදහමෙන්. අකුණු ගහ ගහ වහින්න ගත්තා. ඒ මදිවට හුළගත් එක්ක. වැස්සොත් ඉතින් ඊළඟට වෙන්නේ විදුලි බලය ඇණ හිටින එක. ඔන්න එකත් වුණා.
දැන් ගෙදර ඔක්කොම ලයිට් එනකල් බලන් ඉන්නවා. එත් එන පාටක් නෑ. අන්තිමට හවස හතට විතර පන්සල් ගිහින් මල් පූජා කරලා එන්න කට්ටිය තීරණය කළා. කුඩ ඉහලාගෙන වැස්සේම පන්සල් ගියා.
අනේ අපරාදේ තොරණ තියෙනවා තෙමි තෙමි. හාමුදුරුවොත් ඉන්නවා සසර කලකිරුණා වගේ.
ටෝච් එක අල්ලලා යන්තම් තොරණේ තිබ්බ රූප බල ගත්තා. තාත්තා හෙමිහිට හාමුදුරුවන්ට වැඳලා ලියුම් කවරෙක දාපු සල්ලි කීයක්ද දුන්නා. තොරණ විවෘත නොකලට ඒවා නොකර බෑනේ.
කොහොම හරි ඔන්න ආපහු ගෙදරට අඩිය තිබ්බා විතරයි ලයිට් ආවා. අනේ මන්ද තොරණ දකින්න මම කරපු පින් මදි වෙන්න ඇති.

Friday, August 9, 2013
Noot
මගේ ජීවිතේ මට හම්බ වුණු හොඳම යාළුවා තමයි "Noot". Noot පූසෙක්. සුදුම සුදු පාට වලිගෙ විතරක් කළු පාට ඇස් ළා කොළ පාට ලස්සන පූසෙක්. ඉපදිලා සතියකින් විතර අපේ ගෙදරට මෙයාව ගෙනල්ලා දුන්නේ පූස් අම්මා නැති වුණා කියලා. ඒ දවස් වල ඇඟිල්ලක් තරම් ඇති. චූටි කාලේ කිරි දුන්නේ පාන්තිරයක් පොඟවලා නිසා තාමත් මෙයා රෙදි කෙරවල් අල්ලාගෙන උරන්නවා පොඩි එකෙක් වගේ.
කොහොම වුණත් ගෙදර හැමෝගෙම ආදරේ දිනා ගන්න Noot දක්ෂයා. තාම මතකයි A/L කරන දවස් වල රෑට පාඩම් කරද්දී මෙසේ කෙරවලක ඉඳ ගෙන හිටපු හැටි. මටත් කලින් ගිහින් මගේ ඇඳේ නිදා ගන්නේ හරියට එයාගේ ඇඳ වගේ. Noot කෑ ගහන්නේ අමුතු විදිහකට. හැබැයි ඒ වෙලාවට මෙයාව ගනන් ගත්තේ නැති වුනොත් නම් හපනවා.
මොනා වුණත් මෙයාට කන්න දීලා නම් පිරිමහන්න බෑ. නංගි කියන්නේ බඩේ හිගන්නෝ හැටක් ඉන්නවා කියලා. කන්න දෙනවා නම් ඕනි තරම් චාටර් වෙන්න Noot කැමතියි.
හැමතිස්සෙම මගේ ළඟට වෙලා ඉන්න හිනා වුණත් ඇඬුවත් දාලා යන්නේ නැති මගේ සුදු මැණික තමයි Noot.

Wednesday, August 7, 2013
කාන්තා දිනය
මාර්තු 08 ලෝක කාන්තා දිනය. එකම එක වතාවක් මම කාන්තා දිනයට තෑග්ගක් ලබන්න තරම් වාසනාවන්ත වුණා.
11 වසරේ ඉගෙන ගනිද්දී මට කාන්තා අයිතිවාසිකම් ගැන අමුතු උණක් තිබුණා. ඒ හින්දම කාන්තා දිනයට කලින් දවසේ තෑගි ඉල්ලලා පිරිමි ළමයින්ගේ ඩෙස් වල දැන්වීම් ඇලෙව්වා. නිකන්ම නෙමේ පොඩි සද්දෙකුත් එක්ක. මොනා වුණත් අපේ කොල්ලන්ගේ හිත හොඳයි. ඒ හින්දා පහුවෙනිදම හැම ගෑනු ළමයටම තෑග්ගක් ලැබුණා. තෑග්ග තමයි කොණ්ඩාකටුවයි අයකටුවයි.
ඒ අතරේම මේ කටයුත්තට නායකත්වය ගත්ත මට විශේෂ තෑග්ගක් ලැබුණා. ලස්සනට පාර්සල් කරලා රිබන් එකකින් ගැට ගහල පෙට්ටියක්. අතට ගන්න කොටම තේරුණා මේකේ නම් ෂුවර් මොකක් හරි ගිනිගෙඩියක් තමා තියෙන්නේ කියලා. හිතුවා වගේම බාගෙට ලිහද්දීම කැරපොත්තෙක් ඉගිල්ලිලා ගියා. මම එහෙන්මම තෑග්ග එළියට විසී කළා. පස්සේ දැනගත්ත විදියට එකේ ගෙම්බෝ කැරපොත්තෝ සෙට් එකක්ම ඉඳලා. මොන වුණත් හිත හොඳ කොල්ලෝ නැත්නම් මෙහෙම මතක හිටින තෑගී දේවිද.

Monday, August 5, 2013
Happy Birth Day Sir
6 වසර ඉඳලා 11 වසර වෙනකල්ම අපේ පන්තිය භාරව හිටියේ ප්‍රේමවංශ සර්. අපිට ඉංග්‍රීසි ඉගැන්නුවෙත් සර්ම තමයි. දකින දකින තැන ඉංග්‍රීසියෙන් කතා කරන හින්දා අපි ඉස්සර සර්ව දැක්කම ෂේප් එකේ මාරු වෙනවා. එත් සර් අපේ පන්තියට මාර ආදරෙයි. අපි 11 වසර ඉද්දි සර්ට වයස 59. අහම්බෙන් මම සර්ගේ birth day එක දැන ගත්තා. කට්ටියටම කියලා birthday party එකක් organize කළා.
ඔන්න party එක හෙටයි කියල සර් නිවාඩු. පස්සේ චිට් එකක් ලිව්වා "අනේ සර් හෙටනම් කොහොම හරි ඉස්කෝලේ එන්න කියලා" ඒක සර්ගේ පුතා අතේ ගෙදර යැව්වා. මෙන්න සර් birthday එක දවසේ පන්තිය බාගෙට සරසද්දීම පන්තියට ඇවිත්. මොනා කරන්නද ... සර්ට හරි පුදුමයි උඩ බිම බලනවා. අන්තිමට අහනවා අද මොකද විශේෂත්වය කියලා. පස්සේ තමයි දන්නේ සර්ටත් birthday එක මතක තිබිලා නෑ කියලා.
ඉටිපන්දම් නිවලා කේක් කපලා ලස්සනට birth day එක සැමරුවා. එදා සර්ගේ ඇස් වල කඳුළු පිරිලා තිබුණා. "මට කවදාවත් birthday party එකක් තිබිලා නෑ ළමයිනේ " කියලා සර් කිව්වා තාම මතකයි.

Friday, August 2, 2013
හොරු පැනීම
මම සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලේ උදය වරුවේ ගෙදර හිටියේ මමයි ආච්චි අම්මයි. අපේ ගෙදර තියෙන්නේ අනිත් ගෙවල් වලින් ටිකක් ඈතට වෙන්න කන්දක් උඩ. ආච්චි අම්මා පුරුද්දක් විදිහට උදේට අපේ ගෙදරට එන පාර අතු ගානවා. ඒ වෙලාවට මම ගෙදර දොර ඇතුලෙන් ලොක් කරගෙන තමයි ඉන්නේ.
දවසක් ආච්චි අම්මා ගියාම මම සද්දෙට දොර වහගෙන ඇතුලට වෙලා හිටියා. ටිකකින් ගෙයින් එළියෙන් එක එක සද්ද ඇහෙනවා. ටිකක් බය හිතුනා. ගේ වටේට කට්ටිය ඇවිදිනවා ඇහෙනවා. මම හෙමිහිට ජනේලයක් ඇරලා බැලුවා. මෙන්න අල්ලපු ගෙදර අයියා ඉන්නවා එළියේ.
ගෙදරට ගියත් එළියට එන්නේ නැති කෙනා මොකද මේ. "අයියේ මොකද ප්‍රශ්නේ?" මම හෙමිහිට ඇහුවා.
"අනේ නංගි ඔයා ගේ ඇතුලේ හිටියද?" අයියාට හිනාවකුත් ගියා.
මම ඕන දෙයක් කියලා දොර ඇරියා. බුදු අම්මෝ ගමේම කට්ටිය ඇවිත්. කැති පොලු වීදුරු බෝතල් අතේ අරගෙන. "ඇයි මේ" මම බයෙන් බයෙන් ඇහුවා. "නෑ මෙහේ දොර කඩනවා වගේ සද්දයක් ඇහුණා අපි හිතුවේ හොරු පැනල කියල" ගමේ කෙනෙක් කිව්වා. "පාරේ ආච්චි අම්මා හිටියේ නැද්ද" මම ඇහුවා "හිටියා අපි කතා කරලා ආවේ ගෙදර කවුරුවත් නෑ කිව්වා අපි හිතුවා කවුරුත් නැති වෙලාවේ ගේ ඇතුලෙන් සද්දයක් ආවම හොරෙක් ඇවිත් කියලා නංගි ඇතුලේ ඉන්නවා කියල දන්නේ නැනේ " දැන්නම් මටත් හිනා ආච්චි අම්මා වැඩි හොඳට කියන්න ඇත්තේ ගෙදර කවුරුත් නෑ කියල. මම හැමෝටම තැන්ක්ස් කරලා ආයෙත් දොර වහ ගත්තා. තව පොඩ්ඩෙන් නොපැන්න හොරෙක් හින්ද මම ගුටි කනවා අම්බානකට.

Wednesday, July 31, 2013
තාත්තාට අම්මා අමතක වීම
අපේ අම්මයි තාත්තයි එකම ඉස්කෝලේ වැඩ කරන නිසා හැමදාම එකටම තමයි ගෙදර එන්නේ. අම්මා වැඩ කරන්නේ ඉස්කෝලේ ප්‍රාථමික අංශයේ. තාත්තා ඉන්නේ විද්‍යාගාරයේ. අම්මා වැඩ ඉවර වෙලා විද්‍යාගාරයට එනවා. ඊළඟට දෙන්නා බයික් එකෙන් ගෙදර එනවා.
දවසක් තාත්තා විද්‍යාගාරයෙන් එළියට එද්දී අම්මාගේ බෑග් එක විද්‍යාගාරයේ ළඟ මේසයක් උඩ තිබිලා. අම්මා ඉඳල නෑ. තාත්තා අම්මාගේ බෑග් එකත් අරගෙන ගෙදර ඇවිත් අපෙන් අහනවා කෝ අම්මා ගෙදර ආවේ නැද්ද කියලා. අපි බලනවා හැමදාම තාත්තා එක්කරගෙන එන අම්මා අද කෝ කියලා.
ඔන්න ටිකකින් අම්මා එනවා බස් එකකින්. ඇස් වල කඳුළු පිරිලා. "මාව දාලා ආවාට කමක් නෑ බෑග් එක තියල එන්න තිබුණනේ" අම්මා කියනවා. අපිට හිත ගන්න බෑ මොකද වුණේ කියලා.
අම්මා එද්දී තාත්තා වැඩක හිටපු නිසා අම්මා කතා කරලා නෑ. මොකක් හරි වැඩකට ආයෙත් ඔෆිස් එකට ගිහින්. ඒ අතර තමයි තාත්තා ඇවිත් තියෙන්නේ. අනේ මන්ද මෙහෙමත් අමතක වෙනවද කියලා.
එත් මතකයි එද්දී අම්මා බස් එකේ එන්න වෙන මිස් කෙනෙක්ගෙන් ඉල්ලා ගත්ත සල්ලි වලින් අපට බිස්කට් එකකුත් ගෙනත් තිබුණා. ඒ අම්මගේ ආදරේ හැටි.

Tuesday, July 30, 2013
ඉරිසියාව
මම කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා මහේල ජයවර්ධන. මැච් එකක් බලන්නේ මහේල පිට්ටනියේ ඉන්නකල් විතරයි. ඒ වෙලාවට නම් කවුරු මොනවා කිව්වත් මම ටීවී එක ළඟින් හෙලවෙන්නේ නෑ. දවසක් මහේල හොඳටම සෙල්ලම් කරද්දී අයියා ඇවිත් චැනල් එක මාරු කලා. මට මාර තරහයි. කොල්ලන්ගේ හැටි ඔහොම්මම තමයි. නංගි වුණත් වෙන කොල්ලෙක් දිහා බලාගෙන ඉද්දි ඉරිසියාවේ පැලෙනවා. කෙල්ලන්ට වඩා කොල්ලන්ට ඉරිසියාව දැනෙනවා.
" තියෙන ඉරිසියාවක් " මම අසාධාරණයට විරුද්ධව කට ඇරියා. "ඔයාට බෑනේ මහේල වගේ ක්‍රිකට් ගහන්න එකනේ " තව වචනයක් කියන්න කලින් අයියා ආපහු මැච් එක තිබ්බ චැනල් එක දැම්මා. දැන් අයියාත් මාත් එක්ක මැච් එක බලනවා.
මැච් එක අස්සේ කරීනා කපුර් නාන ලක්ස් සබන් ඇඩ් එකක් යනවා. එක පාරක් දෙපාරක් නම් ඉවසන්න පුළුවන් මේක දහපාරක් විතර එකම ඇඩ් එක. අයියා ඒක දිහා හොඳට බලන් ඉන්නවා. මට ආයෙත් තද වුණා.
"මොන මලහොන්තුවක්ද මේ " මම කිව්වා විතරයි ඔන්න අයියාත් කට ඇරියා.
"තියෙන ඉරිසියාවක් ඔයා කරීනා කපුර් වගේ ලස්සන නැනේ එකනේ. කෙල්ලෝ ඔහොම්මයි. ලස්සන කෙල්ලෙක් දැක්කම ඉරිසියාවේ පැලෙනවා."
ඒ කතාවට නම් ඇත්තට දුක හිතුනා. මොන කරන්නද ඉතින් කතාව ඇත්තනේ.

Monday, July 29, 2013
ටික්කො
කටුබැද්ද හන්දියේ ඉඳලා මොරටුව කැම්පස් එකට තියෙන්නේ පොඩි දුරයි. ඒ වුනත් ගොඩක් වෙලාවට යන්නේ 255 බස් එකෙන්. පයින් යන්නේ කලාතුරකින්.
දවසක් මමයි මගේ හොඳම යාළුවයි කටුබැද්ද හන්දියෙන් කැම්පස් එකට එන්න බස් එකට නැග්ගා. බස් එකේ හොඳටම සෙනග. මේ වගේ වෙලාවට අපි ටිකට් ගන්නේ නෑ. ෂේප් වෙලා යනවා. හැබැයි මේ CTB බස් එකක්. කමක් නෑ හෝල්ට් දෙකයිනේ අතර මැද්දේ තියෙන්නේ. කොච්චර සෙනග හිටියත් අපි දෙන්නා කයියක් ගහගෙන කැම්පස් එක ගාවටම ආවා.
මෙන්න කැම්පස් එක ළඟින් බහින කොට එක මහත්මයෙක් ඇවිත් අපෙන් ටිකට් ඉල්ලනවා. කොහේ තියෙන ටිකට්ද ??? කොන්දොස්තරව ඇහැට දැක්කේ නෑ. අනික කවදා පැනපු ටික්කොද ??? අපි දෙන්න ඇඹරෙන කොට බස් එකේ හිටපු අන්කල් කෙනෙක් අපි දෙන්නා වෙනුවෙන් ඉදිරි පත් වුණා.
"කොන්දොස්තර ඉස්සරහට එන්න එපැය ටිකට් ගන්න
බස් එකේ ඉන්න සෙනග හැටියට කොහේ ටිකට් ගන්නද"
අපි දෙන්නා අන්කල්ට පින් සිද්ද වෙන්න ටිකට් එකේ ගාන විතරක් දීල එන්න පුළුවන් වුනා. නැත්නම් ටිකට් එකේ ගාන වගේ දෙගුණයක් එක්ක දඩයකුත් කන්න තමයි වෙන්නේ.

First Love
" ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි. පාරිශුද්ධයි සුරම්‍යයි"
අද කාලේ ආදරේ කියන වචනයත් එක්කම රාගය කියන වචනෙත් එළිපිටම කතා කරනවා. කොහොම උනත් ආදරේ කියන මානුෂිය හැඟීම ඇතුලේ රාගය කියන දේත් හැංගිලා තියෙනවා කියලා මට නම් හිතෙන්නේ.රාගය ගෑවිලාවත් නැති ආදරයක් තියෙන්න පුලුවන්ද?
ඔව් ඒ ආදරේ හරිම සුන්දරයි. පාරිශුද්ධයි.
උදේ පාන්දරම ඉස්කෝලෙට යන්නේ ඒ මුණ දකින්න බලාගෙන. එත් දවසකට එක පාරයි. ඈතට දැක්කත් ඇති මුළු දවසටම. හැම තප්පරයකම හිතනවා. එත් එක පොඩ්ඩක්වත් දැනෙන්න දෙන්නේ නෑ. කරන කියන හැම දේම හොයල බලනවා කවදාවත් අහන්නේ නෑ. හිනාවෙද්දී ඊට වඩා සතුටක් නැති තරම්. එත් upset වෙලා ඉද්දි දුකයි. ළඟින් ඉන්න බයයි එත් හැමතිස්සෙම පේන මානෙක ඉන්න ආසයි.
අමාරුවෙන් ළඟ තිබ්බ සල්ලි ඔක්කොම වියදම් කරලා ගත්ත තෑග්ග දුන්නෙත් වෙන කෙනෙක් දුන්න විදිහට. අඩුම තරමේ තෑග්ග අරගෙන හිනා උනාද කියලවත් දන්නේ නෑ. කෑමක් ලැබුනත් මුලින්ම හිතෙන්නේ එයා කාලද කියලා. කොච්චර වුනත් එයාගේ නම කියවෙන එක නම් නතර කර ගන්න අමාරු වුණා. මොන කරන්නද කතා කරන්න හිතෙන්නෙම එයා ගැන. ඒ හින්ද අඩුවෙන් කතා කරන්න පටන් ගත්තා.
එයාව පළවෙනියා කරන්න මම අමාරුවෙන් ලකුණු අඩුවෙන් ගත්තා. දෙවනියා වුණා කියලා කොච්චර බැනුම් ඇහුවද එත් එයා පළවෙනියා වෙලා වින්ද සත්තුටටත් වඩා සතුටක් දැනුනා. එයා ගාවින් ඉඳ ගන්න කොච්චර නම් චාන්ස් ආවද එත් කවදාවත් එක ළඟ ඉඳ ගෙන ඉඳල නෑ.
එත් ඒ ආදරේ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කම තිබ්බා. කවදාවත් කිව්වේ නැති වුනාට එයා මේ ගැන දැනගෙන හිටියා. අන්තිමට එයා කවදාවත්ම මට අයිති නැති බව දැන ගත්තා. එදා වගේම තාමත් හිතෙන්නේ එයා සතුටින් නම් මට ඒ ඇති කියලා.
Tuesday, July 23, 2013
මග බලා හිඳීම
ඉස්සර අපේ ගෙවල් ළඟ ඉන්න මල්ලි කෙනෙක් මම ඉස්කෝලේ ඇරිලා එද්දී හැමදාම බලාගෙන ඉන්නවා (මල්ලියෙක් කිව්වට පොඩි කෙනෙක් නෙමෙයි නව යොවුන් වියේ කෙනෙක් හිතන් ඉන්න ඇත්තේ මම එයට වඩා පොඩි කියල වෙන්න ඇති ). මමත් school van එකේ යන නිසා හැමදාම ආඩම්බර බැල්මක් දා ගෙන යනවා.
දවසක් school van එක මගදී කැඩුනා. van එක කැඩුන තැන ඉඳන් අපේ ගෙදරට වැඩි දුරක් නැති නිසාත් van එක හදා ගන්න කල් එතනට වෙලා ඉන්න කම්මැලි හින්දත් මම පයින්ම ගෙදරට එන්න පටන් ගත්තා. මම ඈතටම දැක්කා එදත් ඒ මල්ලි එයාලගේ ගෙදර දොරකඩ පාර බල බල ඉන්නවා. මාර වැඩේ තමා මෙයා මාත් එක්ක කතා කරයිද අද ???? එහෙම උනොත් මොනාද කරන්නේ මම දැන් කල්පනා කර කර එනවා. වෙලාවටම පාරේ කවුරුවත් නෑ. ෂික්... මම දැන් ටිකක් විතර බය වෙලා. කුඩෙන් මුණ වහගෙන එතනින් ඉක්මනින් ඉක්මනින් යන්න හැදුවේ. අනේ මන්ද පෙර කල කරුමයක්ද කියල මාව එතනම ඇදගෙන වැටුණා. කුඩේ වීසි වෙලා ගියා. මුණත් බිම ඇනුනා.
මාර නෝන්ඩිය තමා. වැටුණ වේගෙන්ම මම නැගිටලා ඉක්මනට යන්න පටන් ගත්තා. කකුල තුවාල වෙලා හොඳටම රිදෙනවා. ඇස් වලින් කඳුළු බේරෙනවා. වැඩි දුරක් යන්න වුණේ නෑ අර මල්ලි බයිසිකලයකින් ඇවිත් අහිංසක විදිහට අහනවා "ඔයාට රිදුනද " කියලා. මොන මෝඩයෙක්ද මන්දා මට පුළුවන් නම් පොලව පලාගෙන යනවා. මම හොඳට රවල බැලුවා. එදා ඉඳන් එයා මම එනකල් බලා හිටියෙත් නෑ. මම කොල්ලන්ට ආඩම්බර බැලුම් දැම්මෙත් නෑ.

Tuesday, July 16, 2013
අහිමි නුඹ
නුඹ සඳ වගේමයි
මම සඳට පෙම් කල
පුංචි තරුවක් වගේමයි
අනන්තය සේ දැනුනත්
මගේ ආදරේ නුඹට
වැලි කැටයක් වගේමයි
කොයි තරම් කීවත්
මගේ බොළඳ හිතට
අහන නාහන ගානයි
කවුරුන් කෙසේ සිතුවත්
කෙදිනක හෝ මට
නුඹ හිමිවෙයි නියතයි
Trip එකක්
මම උසස් පෙළ කරනා කාලයේ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යන්න organize කළා අම්බුළුවාව බලන්න. ඒ දවස් වල මමයි තව යාලුවෝ තුන්දෙනක් බෝඩිමක නතර වෙලා හිටියේ. අපි හතර දෙනාටම ට්‍රිප් එක යන්න ඕනි වුණා. එත් ගිහින් ආවම ආපහු බෝඩිමට යන්න වෙන්නේ තනියම. බෝඩිමේ ඇන්ටි කොහොමත් අපිව ගන්න එන්නේ නෑ. සර්ලා කිව්වා විදියට භාරකාරයෙක් නැත්නම් එදාට ඉස්කෝලේ නතර වෙලා ඊළඟ දවසේ තමයි යන්න වෙන්නේ.
ට්‍රිප් එක යන්න තිබ්බ ආසාව වැඩි හින්දම මොනවා උනත් කමක් නෑ කියල අපි හතර දෙන යන්න ලෑස්ති වුණා. ඔන්න අපි අම්බුළුවාවේ බලලා එන්න පිටත් වුණා. ආපහු ඉස්කෝලෙට ළං වෙද්දී ටික ටික බයයි. දැන් අපි හතර දෙනා බෝඩිමට යන විදිහ කල්පනා කරනවා. බෝඩිමට ඉස්කෝලේ ඉඳන් වැඩි දුරක් නෑ. භාරකාරයෙක් නැති එක තාම අවුල.
බස් එක ඉස්කෝලේ ළඟට එනකල්ම අපිට හොඳ ප්ලෑන් එකක් හිත ගන්න බැරි වුණා. අන්තිමට බස් එක නතර කරපු ගමන් අපි හතර දෙන බස් එකෙන් බැහැල කළුවරේම බෝඩිමට දුවන්න පටන් ගත්තා. මොකද තව මොහොතක් හරි එතන හිටියොත් ඉස්කෝලේ නතර වෙන්න වෙනවනේ. අම්බුළුවාව නැගල කකුල් රිදෙනවා. එත් මග නතර වෙන්න බෑනේ. කොහොම හරි රැ දොළහට විතර රත්නපුර ටවුන් එක මැද්දෙන් බෝඩිමට දුවපු ට්‍රිප් එක නම් මාරු තමයි. හොඳ වෙලාවට කරදරයක් නැතිව බෝඩිමටම යාගන්න පුළුවන් වුණා.
Sunday, July 14, 2013
Pick Pocket
campus ඉන්න කොට ගෙදරයන්න නිවාඩුවක් හම්බ වුණාම දැනෙන්නේ හරියට නිවන් ගියා වගේ. ඉතින් එහෙම දවසට ගෙදර දුවන්නේ කිසිම සිහියක් නැතිව. එක දවසක් මෙහෙම ගෙදර යන්න බලාගෙන කටුබැද්ද හන්දියට ආවා. බඩගිනි හින්දා කටුබැද්ද හන්දියේ කඩේකින් තේ බීලා බස් එකට නගින්න හෝල්ට් එකට ආවා. එදා බස් වලට පුදුම සෙනගක් හිටියේ. කොහොමහරි දඟලලා මතුගම කොළඹ බස් එකකට නැග ගත්තා. එත් foot board එකේ තඩි බෑග් එකකකුත් එක්ක.
මාව දැකපු කොන්දොස්තර' අයියාට දුක හිතිලා බෑග් එක ඉල්ලුවා අරගෙන තියන්න. "බෑ අයියේ මේකේ laptop එකක් තියෙයි" මම කිව්වේ බෑග් එක බිම වට්ටයි කියල බයෙන්. "නෑ නංගි දෙන්නකෝ මොන හරි උනොත් මම වග කියන්නම්" කොන්දොස්තර ආයෙත් කිව්වා. ඒ පාර මම ඕනිදෙයක් වෙන්න බෑග් එක ගලවල දුන්න. කොන්දොස්තර අයියා බෑග් එක මට පේන්නම අයියා ලගින් තිබ්බා.
බස් එක මතුගමට ලං වෙද්දී ටිකක් සෙනග අඩු වුණා. මට ටිකට් ගන්න විදිහක් තිබ්බෙත් නෑ බෑග් එක ළඟ නැති නිසා. අවුලක් නෑ කොන්දොස්තර අයියා දන්නවනේ ඒක.
මතුගමින් බස් එකෙන් බැහැල කොන්දොස්තරට සල්ලි දෙන්න බැලුවමයි දැක්කේ මගේ purse එක අතුරුදහන් වෙලා කියලා. මම කොන්දොස්තරට කිව්වා මගේ purse එක නැති වෙලා කියලා. කොන්දොස්තර හිනා වෙලා කමක් නෑ නංගි කියල කිව්වා.
මාර වැඩේ මගේ ගාව රුපියලක් වත් නෑ. තව බස් එකක යන්නත් තියෙයි. දැන් නම් ඇඩේන්නම එනවා. මතුගම මම දන්නා කවුරුවත් ඇත්තෙත් නෑ. වචනයක් හරි කතා කරලා තියෙන්නේ අර කොන්දොස්තර එක්ක විතරයි. ඕනි දෙයක් වෙන්න මම කොන්දොස්තර අයියා හොයා ගෙන බස් නතර කරලා තියෙන පැත්තට ආවා. කොන්දොස්තරට මාව දැක්කම හිනා.
"අයියේ පොඩ්ඩක් බස් එක ඇතුලේ බලනවද මගේ purse එක තියේද කියල" මම අමාරුවෙන් ගැට ගහල කිව්වා. "නෑ නංගි ඔයා කිව්වා නිසා මම බස් එක ඇතුලේ බැලුවා කලින්" කොන්දොස්තර කිව්වා.
"ඇයි නංගි දැන් ඔයාට යන්න සල්ලි නැද්ද" මම ආපහු හැරෙද්දීම කොන්දොස්තර ඇහුවා. මම බිම බලාගෙන ඔලුව වැනුවා.
"ඔයා කොහෙටද යන්න ඔනී ආ මේ සල්ලි ගන්න" කොන්දොස්තර රුපියල් 100ක් මට දුන්නා.
"කලවානට තැන්ක්ස් අයියේ" මම සල්ලි අතේ ගලි කරගෙන ආපහු ආවා.
purse එකත් එක්ක මාවත් උස්සන් ගියා නම් කියල මට හිතුනේ ගෙදර ගියාම තාත්තා ගෙනුයි අක්කා ගෙනුයි අහගත්ත බැනුම් කන්දරාව හින්දා. සල්ලි විතරක් නෙමෙයි NIC එක Campus ID එක ATM card ඔක්කොම purse එකත් එක්කම නැති වෙලා තිබුණා. ඒවා ආයෙත් ගන්න ලේසි නැනේ. පළවෙනි පාරට පොලීසියටත් යන්න වුණා. මෙහෙම අඬ අඬ වැඩි දවසක් ගියේ නෑ. හොරා purse එකේ තිබ්බ ලට පට ඔක්කොම ගෙදරට තැපැල් කරලා එවල තිබුණා. ඒ හින්දා වැඩි කරදරයක් වුණේ නෑ. හැබැයි හොරට නම් පාඩු ඇති purse එකේ තිබ්බේ ගෙදර එන්න බස් ගාස්තු විතරනේ

හොරෙන් අඹ කැඩීම
අපේ ගෙදර අඹ ගස් ඕනා තරම් තියෙයි. ඒවායේ කොච්චර ගෙඩි හැදුනත් මට කන්න නම් හිතෙන්නේ නෑ. එත් ඉස්කෝලේ අල්ලපු වත්තේ තියෙන්න අඹ ගහේ ගෙඩි හැදිලා තියෙන හැටි දැක්කම නම් කටට උනන කෙල නවතින්නෙම නෑ. කඩා ගෙන කන්නමයි හිතෙන්නේ. ඉඳල ඉඳල බැරිම තැන මම කොල්ලෙක් ට කිව්වා අපි අල්ලපු වත්තෙන් අඹ කඩමු කියල. උනුත් ඇහැ ගහගෙනම තමයි ඉඳල තියෙන්නේ.
අපි දැන් වෙලාවක් බල බල ඉන්නේ අල්ලපු වත්තට පැනල අඹ කඩාගෙන එන්න. ඔන්න දවසක් interval එකෙන් පස්සේ subjects ඔක්කොම නෑ. අඹ කඩන්න කියාපු වෙලාව. කට්ටියට පොඩි idea පාරක් දැම්මා විතරයි. කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම එකා වගේ ලෑස්ති. ඔක්කොම ගියාම මාට්ටු වෙන නිසා අපි ටික දෙනෙක් විතරක් වැඩේට ගියා. ඔත්තු බලන්න කෙල්ලෝ දෙන්නෙක් තියල කට්ටිය වැටෙන් පැනලා අඹ ගහ ගාවට ගියා. මම කෙල්ලෙක් හින්දා වැට ගාවින් නතර වෙන්න උණා.
කඩපු අඹ අතින් අතට යවල කවරයකට එකතු කර ගත්තා. දැන් වැඩේ ඉවරයි. පන්තියට ඇවිල්ල කැන්ටිමෙන් ඉල්ලගත්ත පිහියෙන් අඹ කපල කන්න හැදුව විතරයි. මෙන්න principal එනවා තඩි වේවැලකුත් අරන්.
"කවුද අල්ලපු වත්තේ අඹ කැඩුවේ පන්තියටම ගහන්න කලින් ඇත්ත කියනවා" කවුරුවත් හ්ම් සද්දයක් නෑ,
"හරි මම තමුසෙලට විනාඩි දහයක් දෙන්නම් අඹ කඩපු කට්ටිය එනවා office එකට"
දැන් මොකද කරන්නේ? "මුලින්ම ගිහින් maths සර් හම්බ වෙමු" මම යෝජනා කලා. මොකද අපිව ඕන දේකින් ගලවා ගන්නේ maths සර්නේ. කට්ටියම ඒකට කැමති වුණා. එත් ඉතින් ටික දෙනෙකුට යන්නම වෙනවා සමාව ගන්න. කොල්ලෝ පස් දෙනෙක් විතර ඕනි දේකට සර් ගාවට යන්න කැමති වුණා. maths සර්රුත් තනියට ගිහින් කට්ටියව ගුටි නොකා ශේප් කරගෙන තිබුණා.මොන උනත් කට්ටිය එක්ක හොරෙන් කාපු අඹ නම් මාර රසයි. තාමත් දන්නේ නෑ වැඩේ කොහොමද මාට්ටු වුණේ කියල.

Thursday, July 11, 2013
සතුට සහ සිනහව
ඇසින් ඇස ගැටෙන මුවින් මුව රැඳෙන
සිනා මල් විසිරෙද්දී කොයිතරම් නම් හැඩද?
එත් ඒ සිනහවෙන් වසා සඟවා සිටින
දුක් දොම්නස් නැති අයෙක් මෙහි නැතිවේද?
තනිවෙච්ච් වෙලාවට උතුරලා ගලායන
ලෝකයෙන් කඳුළු කැට වසන් කරගෙන නැතිද?
ඉතින් මුව වසා ගත් සිනාවෙන් පමණක්ම
මම සතුටින් යැයි නුඹට කිව හැකිවේද?
Wednesday, July 10, 2013
මරණ බය
මම උසස් පෙළ කරද්දී ලංකාව පුරාම තිබුණේ යුද්ධමය තත්වයක්. හැමතැනින්ම බෝම්බ පුපුරද්දී, උදේ ගෙදරින් ගිය අය ආපහු ගෙවල් වලට ආවේ මිනී පෙට්ටි වලින්. එක දවසක් ඉස්කොලේ ගියාට පස්සේ එහෙන් මෙහෙන් ආරංචි ආවා ඉස්කෝලේ ඇතුලේ බෝම්බයක් තියෙනවා කියලා call එකක් ඇවිත් කියලා.
ඉස්කෝලේ වැඩ වෙනදා වගේ පටන් ගත්තේ නෑ. ඒ වෙනුවට "ළමයි හැමෝටම තමන්ගේ පුටුවල ඉඳ ගෙන ඉන්න කලබල වෙන්න එපා "කියලා principal madam නිවේදනයක් දුන්නා.
තවත් මොහොතකින් මොන වෙයිද කියල හිත ගන්න බැරි වුණා. යාලුවෝ හැමෝගේම මුණු පුරාම මරණ බය ඉතිරිලා ගිහින්. ඇස් වල කඳුළු පිරිලා. සමහරු බොරුවට ගොත ගහ ගහ විහිළු කියන්න හදනවා. හිනා වෙන්නවත් අඬන්නවත් බැරි තරමට මගේ මූණේ මාංශ පේශි හිරවෙලා වගේ දැනුනා. අම්මා තාත්තා නංගිලා අක්කා ඔක්කොම මතක් වුණා. මේ හැම දෙයකින්ම තව මොහොතකින් ඈත් වෙන්න වෙයි කියල දැනෙද්දී දරා ගන්න බැරි තරම් දුකක් දැනුනා. පැටලී පැටලී ඉතිපිසෝ ගාථාව යන්තම් කියා ගත්තා.
පැය කීපයකට පස්සේ ඉස්කෝලේ ඇතුලේ හැමතැනම චෙක් කරලා බෝම්බයක් නෑ කියල දැන ගද්දි අපි හැමෝම සියපාරක් විතර හිතින් මැරිලා ඉවරයි. දැන් මතක් කරලා හිනා වුණාට එදා දැනිච්ච මරණ බය නම් කවදාවත්ම අමතක වෙන්නේ නෑ.

Monday, July 8, 2013
කට්ලට් කාපු හැටි
මම පොඩි කාලේ කට්ලට් කන්න හරිම ආසයි. වැඩිය කන්න හම්බ වෙන්නෙත් නැති නිසා චාන්ස් එකක් ආවොත් නම් අත අරින්නෙම නෑ. මට අවුරුදු දහයේදී විතර අපේ ගෙදර උත්සවයක් තිබුණා. උදේ ඉඳන් ජයටම උත්සවේ වැඩ කෙරීගෙන යද්දී දවල් කෑමට කට්ලට් තියෙනවා කියලා මට ආරංචි වුණා. ඉතින් කෑම මේසේට අරින්නත් කලින්ම මම කට්ලට් කන්න පටන් ගත්තා. එදා දවස තිස්සෙම මම කලේ කට්ලට් කාපු එක. අඩු තරමේ පනහක්වත් කන්න ඇති.
ටික ටික හවස් වෙද්දී මගේ බඩ චුට්ටක් දනවා වගේ දැනුනා. ඇස් දෙකත් රතු වුණා. එත් රැට කනකොටත් කට්ලට් ඉතිරි වෙලා තිබ්බ නිසා තවත් කට්ලට් දෙකක් එක්ක බත් කලා නිදා ගත්තා. ඊළඟ දවසේ නැගිට්ටම තමා යුද්ධේ පටන් ගත්තේ. මගේ ඇස් අරින්නම බෑ. මුළු ඇඟම දැවිල්ලයි. ගෙදර අයත් හොඳටම බය වෙලා. අයිස් වතුරෙන් තෙමනවා. කෝමාරිකා ගානවා. මම පුළුවන් හයියෙන් කෙඳිරි ගානවා.කාටවත් හිතා ගන්න බෑ මොකද ලෙඩේ කියලා.
ඔය මේ අස්සේ මම කෝමාරිකා පිත්තක් කඩා ගන්න යද්දී උයන්න අත් උදව් දුන්න අයියත් එතන ඉඳන් මූණේ කෝමාරිකා ගානවා.
"ඇයි අයියේ කෝමාරිකා ගාන්නේ"? මම නිකමට වගේ ඇහුවා.
"නෑ නිකම් මුණ පොඩ්ඩක් දැවිල්ලයි වගේ" මම හොඳටඑයාගේ මුණ බැලුවා.
එයාගෙත් ඇස් දෙක රතුවෙලා. මුණත් දැවිල්ලයිලු. ෂුවර් මගේ ලෙඩේම තමා.
"ඇයි දන්නේ නෑ නේද?" මම ශේප් එකේ අහල බැලුවා.
"අර මෝඩ මිනිහා අතින් කට්ලට් වලට ගම්මිරිස් වැඩි වෙලානේ මම හතරයි පහයි කෑවේ " අයියා කතාව ඉවර කරන්නත් කලින් මට වැඩේ හොඳටම තේරුණා. කෝමාරිකා පිත්තක් කඩාගෙන එතනින් මාරුවෙලා ගියාට විනාඩි පහක් යන්න කලින් මුළු ගෙදරම කතාව ප්‍රසිද්ධ වුණා. හැමෝම හිනා වෙද්දී අම්මා විතරක් අහනවා "ඇයි ළමයෝ කද්දී දැනුනේ නැද්ද ටිකක් සැර වැඩියි කියලා" කොහේ දැනෙන්නද ඒ කාලේ කට්ලට් කන්න තිබ්බ පෙරේතකමේ හැටියට.

කහ ඉර මාරු වීම
අපේ Degree එකේ මාස හයක training කාලයක් තියෙයි සම්පුර්ණ කරන්න. මාව training තේරුණේ කොළඹ රොස්මෙඩ් ප්ලේස් වල company එකකට. මම එතන වැඩට යන්නේ Town hall එකේ මිදුල උඩින්. එහෙම ආවම පාර මාරුවෙන කහ ඉර තියෙන්නේ ටිකක් ඈතින්. කහ ඉර දෙපැත්තේම ටික ටික ඈතට වෙන්න Traffic light දෙකක් තිබුණා. කලාතුරකින් මේ Traffic light දෙකේම රතු light වැටුණාම ඒ අතර වාහන නෑ. එහෙම වෙලාවට එතනින් කට්ටිය ඕනා තරම් පාර මාරු වෙනවා.
වාහන වැඩි හින්දත් මාර්ග නීති අකුරටම පිළිපදින හින්දත් මම හැමදාම කහ ඉරට ඇවිදගෙන ගිහින් පාර පැනල ආපහු ඇවිදගෙන එනවා. එක දවසක් මට ටිකක් පරක්කු උණා. ඔන්න වාසනාවකට වගේ Traffic light දෙකේම රතු light පත්තු වෙලා ඒ අතර වාහන නෑ. මම ආව වේගෙන්ම පාර පැන්නා.
පාර පැනලා අඩි දෙක තුනයි ගියේ කන් බීරි වෙන තරමට විසිල් එකක් වැදුනා. මාව සීතල වුණා. වැරැද්දක් කළානේ හිතට ධෛර්ය අරගෙන හැරිලා බැලුවා. පොලිස් අයියා කෙනෙක් අත වැනුවා. මමත් මායම් හැට හතර සිහියට අරගෙන ළඟට ගිහින් බිම බලාගෙන හිට ගත්තා.
" Good Morning මිස්"(කිව්වා විදියටනම් මෙයා මට බනින එකක් නෑ)
"Good Morning සර්"(මම කිව්වා අහිංසක වැඩිද මන්දා)
"වැරැද්ද මොකක්ද දන්නවාද?"(නොදැන ඉන්න මම බබෙක් නෙමෙයිනේ)
"හ්ම්ම්ම්"(මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා)
"මෙතන කහ ඉරක් තියෙනවද?"(ඇස් පේන්නේ නැද්ද මන්දා)
"නෑ" (ඔලුව වැනුවා තාලෙකට)
"කහ ඉර තියෙන්නේ කොහෙද?"(ෂුවර් ඇස් පෙන්නේ නෑ තමා)
"අතන"(අත දික්කරලම පෙන්නුවා)
"මිස් මොකද කරන්නේ?"(මෙයා මොකටද එන්න හදන්නේ)
ඇස් දිහා හොඳට බලලා හිනා උණා. (උත්තර දෙන එක ඇඟටගුණ නෑ)
"Work කරනවද Study කරනවද"(මොනාකලාම මෙයාට මොකද?)
"Work කරනවා"(කෙටි උත්තර තමයි හොඳ)
"මීට පස්සේ කහ ඉරෙන් පාර මාරුවෙන්න ඕනි හරිද ආයේ අහු උනොත් අල්ලලා උසාවි දානවා"(බොරුවට කේන්ති ගන්න එපා)
මම බොරුවට බිම බලාගෙන හිටියා ලෝකේ තිබ්බ ලොකුම වැරද්ද කරලා අහු උනා වගේ.
"දැන් යන්න"(මෙතන නවතින්න නෙමේ ආවේ)
"හා යන්නම්"(හිනා වුණා නෙමේ හිනා ගියා).
මොනා වුණත් මිනිස්සුන්ට නම්බු දීල කතා කරන්න දන්නා පොලිස් නිලධාරීයෙකුට මාට්ටු වුණේ මගේ වාසනාවකට. නැත්නම් මායම් හැට හතර පැත්තකින් තියල උසාවි කුඩුවට නගින්න වෙන්නේ. ආයේ නම් කහ ඉර මාරු වෙන්නේ නෑ මට.

Sunday, July 7, 2013
කඳුළු
අඬන්නට අවසර නැති හින්දා
නෙතු අස්සේ හිරවී උන්නා
සිනහවට ඉඩ දීලා
කඳුළු රහසේම දුක් වින්දා
පුංචි වැහි බින්දු හින්දා
කඳුළු නිදහසේ රූ රා වැටුණා
අඬන්නට තනි වීලා
මම වැහිපොදට පෙම් බැන්දා...
නෙතු අස්සේ හිරවී උන්නා
සිනහවට ඉඩ දීලා
කඳුළු රහසේම දුක් වින්දා
පුංචි වැහි බින්දු හින්දා
කඳුළු නිදහසේ රූ රා වැටුණා
අඬන්නට තනි වීලා
මම වැහිපොදට පෙම් බැන්දා...
Wednesday, July 3, 2013
Boycott කිරීම
මේක campus එකට ආව අලුතම වෙච්ච දෙයක්. ඒ දවස්වල campus එකේ නීති ගැන දන්නෙත් නෑ. පොඩ්ඩක් වැඩිපුර නින්ද ගිහින් උදේ තිබුණ lecture එකට යන්න ටිකක් පරක්කු වුණා. lecture හෝල් එක ළඟට යද්දී දෙතුන් දෙනෙක් එළියේ හිටගෙන හිටියා. ඒ කියන්නේ lecture එක පටන් අරගෙන. අපිට කියල තියෙන්නේ lecture එකක් පටන් ගත්තාට පස්සේ lecture හෝල් එකට යන්න එපා කියලා. මොනා කරන්නද ඉතින් ගිහින් අල්ලපු හෝල් එකෙන් ඉඳ ගත්තා. පුදුමේ කියන්නේ එදා අපි විසි පහකට විතරම පොඩ්ඩක් වැඩිපුර නින්ද ගිහින් තිබුණා.
කරන්න දෙයක් දන්නේ නැති හින්දාම අල්ලපු හෝල් එකට වෙලා ඉඳ ගෙන හිටියේ ඊළඟ lecture එකටවත් යනවා කියල හිතාගෙන. අපි එතන ඉඳ ගෙන ඉන්නවා අදාල lecturer ත් දැක්කා. මොනා කරන්නද අපි පරක්කු වෙලානේ ආවේ. ඔන්න lecture එක ඉවරයි. අපි lecture හෝල් එකේ දොර ගාවට ගියා. lecturer එළියට ඇවිත් කියපි "Boycott කරපු කට්ටිය ඇවිත් මාව meet වෙන්න "කියලා. මොකක්ද මේ Boycott කතාව මම නම් හොඳටම බය වුණා.
lecture එකක් මග ඇරලා එහෙම එළියේ ඉන්නවට කියන්නේ Boycott කරනවා කියලාලු. අනේ මන්දා දේශනාවකුත් ඇහුවා. වැරැද්ද පිළි අරන් අත්සනකුත් දැම්මා. එත් ඇත්තටම වුණේ පොඩ්ඩක් වැඩිපුර නින්ද ගියා එක. කමක් නෑ මොනා වුනත් දන්නේ නැතිව හරි Boycott එකකුත් කලානේ ආව ගමන්ම, පොඩි ආඩම්බරයක්
දැනුනේ නැත්තෙමත් නෑ .

Period Cut කිරීම
මම මුලින්ම ඉස්කෝලේ උගන්වන Period එකක් cut කරන්න හිතුවේ 10 වසරේදී. එදා පළවෙනි period එක ඉගැන්නුවේ නැති නිසා පන්තියේ ඉන්නත් කම්මැලියි. ඉතින් මම කට්ටියට කතා කළා එළියට යන්න. ඒ කාලේ හැම දේකටම මුල් තැන ගත්තේ මම. ඇත්තම කිව්වොත් මම පන්තියම control කරගෙන තමයි හිටියේ.
ඔන්න දැන් අපි අට දෙනෙක් විතර පන්තියෙන් එළියට ඇවිත් පිට්ටනිය පැත්තට ඇවිදගෙන ගියා. සෙල්ලම් කරනවට වඩා අපි ඒ කාලේ ආසා උනේ අනිත් අය සෙල්ලම් කරනා හැටි බලලා හිනාවෙන්න. පිට්ටනියේ අය්යලා වගයක් cricket ගහනවා. දැන් ඉතින් කට්ටිය එක එක අයියව අයිති කරගෙන match එක බලනවා. සමහර අයියලව බෙදාගන්න බැරිව බොරුවට රණ්ඩු කරනවා. ඒ අස්සේ ඕපාදුප ඉවරයක් නෑ. වෙලාව යනවා කාටවත් දැනුනේ නෑ.
එකපාරටම එක්කෙනෙක් වෙලාව බලලා කියනවා " දැන් නම් පළවෙනි period එක ඉවර වෙලා එකේ කෑලිත් නෑ" කියලා. ඇත්ත නේන්නම්. "කාටවත් මතකද ඊළඟට තියෙන්නේ මොනාද කියලා" මම ඇහුවා." ම්..ම් science වෙන්න ඕනේ" එක්කෙනෙක් කිව්වා. අපිට science ඉගැන්නුවේ මගේ තාත්තා. තාත්තා නීතියට වැඩ. පරක්කුවෙලා ගියොත් අනිවාරෙන් පන්තියට ගන්නේ නෑ. ගත්තත් දේශනාවක් අහගෙන ඉන්න වෙනවා. ඔක්කොටම වඩා අපි හැමෝටම science boring " දැන් ඉතින් කොහොමත් එකයි පරක්කු වෙලා ගියාම තාත්තා පන්තියට ගන්නේ නෑනේ. මෙතනට වෙලා ඉඳල ඊළඟ period එකේම යමු." මම යෝජනා කළා. කට්ටියට ඉහටත් උඩින්.
ඔන්න දැන් ආයෙත් match එක බලනවා. ඒකට මොකද හැමෝම ටික ටික බයවෙලා. පළවෙනි පාරටනේ මෙහෙම දෙයක් කරන්නේ. වීරයා වගේ හිටියට මම තමයි වැඩියෙන්ම බය උනේ. ඒ හින්දම ඊළඟ period එක පටන් ගන්න කලින්ම පන්තිය ගාවට ඇවිත් කට්ටිය එතන තිබ්බ toilet එක පිටිපස්සේ හැංගිලා හිටියා.
දැන් තමයි මෙහෙයුම පටන් ගන්නේ. තාත්තා පන්තියෙන් එළියට ගිය ගමන් අපි හෙමිහිට පන්තියට යන්න ඕනේ. එක්කෙනෙක් යැව්වා ඔත්තු බලන්න. අපි දැන් එළියට එන්න බල බල ඉන්නවා. ඔත්තු බලන්න ගිය ළමයා එකපාරටම ඇවිත් කියනවා. "science sir කොරිඩෝව කෙලවරේ ඉන්නවා" කියලා. සාමාන්‍යයෙන් එතන ඉන්නේ ඊළඟට උගන්නවන්න තියෙන subject එකේ sir. එතකොට දැන් කවුද පන්තියේ ඉන්නේ.
හැමෝම බලන්නේ මගේ මුණ දිහා මොන කරන්නද මන්දා. "කමක් නෑ කවුරු හිටියත් අපි පන්තියට යමු නැත්නම් තාත්තා ඊළඟ period එකටත් අපිව පන්තියට ගන්නේ නෑ." මම ඉස්සර උණා. දෙවියනේ මම මුලින්ම cut කරලා තියෙන්නේ මම ආසම කරපු maths period එක. ඇස් වලට කඳුළු එන්න ඔන්න මෙන්න තියෙද්දී "කොහෙද කෙල්ලනේ ගියේ" කියලා වෙනදා වගේම maths sir ලෙන්ගතු විදහට ඇහුවේ උත්තරයක් බලාගෙන නෙමෙයි.

Monday, July 1, 2013
කිරි එපා වීම
මම ඉස්කෝලේ දෙක වසර ඉගෙන ගද්දීත් උදේට නැගිට්ටේ අම්මා කිරි බෝතලේ ඇඳට ගෙනත් දුන්නාම. ඉතින් අපේ අම්මාට ඕනේ උනා මගේ මේ පුරුද්ද නතරකරන්න. අපේ අම්මත් ඉගැන්නුවේ මම ගියපු ඉස්කෝලෙම තමයි.
දවසක් පාඩම ඉවර කරලා මට උගන්නපු මිස් කියනවා.
'' කෝ මේ පන්තියේ ඉන්න තාම බෝතලෙන් කිරි බොන ළමයි අත උස්සන්න බලන්න" කියලා.
මට මාර ලැජ්ජාව මොනා කරන්නද ඒ දවස් වල බොරු කියන්නත් දන්නේ නෑ. කිව්වත් අම්මාගෙන් වැඩේ මට්ටු වෙනවනේ. ඉතින් අත ඉස්සුවා.
" දැන් ඔයා ලොකු ළමයෙක්නේ බෝතලෙන් කිරි බොන්නේ පොඩි ළමයි. පුරුදුවෙන්න අද ඉඳල කෝප්පෙන් කිරි බොන්න." මිස් මට උපදෙස් මාලාවක්ම දුන්නා.
එදා මම ගෙදර ආවේ ආයෙත් නම් කවදාවත් බෝතලෙන් කිරි බොන්නේ නෑ කියල හිත ගෙනමයි. ආව ගමන් අම්මත් එක්කත් කිව්වා හෙට උදේට මට කිරි කෝප්පෙට හදල දෙන්න කියලා. අම්මටත් මාර සතුටුයි.
ඔන්න පහුවෙනිදා උදේ නැගිට්ටම කලින් දවසේ වෙච්ච මොකුත් මට මතක නෑ. වෙනදා පුරුද්දටම ඇස් පියා ගෙනම කිරිබෝතලේ අරන් බොන්න හැදුවා. අම්මා කිරි හදල තිබ්බේ කෝප්පෙට. ඉතින් කිරි බොන්න නෙමෙයි නාන්න තමයි උනේ. මට කිරි එපා උනා. එදා ඉඳල තාමත් මම කිරි බොන්නේ නෑ.
පස්සේ කාලෙක අම්මා කිව්වා මගේ පුරුද්ද නතර කරන්න අම්මාම තමා පන්ති භාර මිස්ට එහෙම කියන්න කිව්වෙ කියලා. පුරුද්ද නතර උනාට අපේ අම්මා තාම දුකින් ඉන්නේ මම කිරි බොන්නේ නැති එක ගැන.

අලුතෙන් ලිවීම
අකුරු එකින් එක ලියන්න ඉගෙන්න ගත්ත ගමන් මම ආසා කලේ හිතට දැනෙන හැමදේම ලියන්න. එකෙන් හිතට දැනෙන්නේ හරිම නිදහසක්. ඒ හින්දම කොච්චර වැඩ තිබුනත් බ්ලොග් එකක් ලියන්න ඕනේ කියල හිතුනා. එත් මොනාද ලියන්නේ. මෙච්චර කල් ජීවිතේ වින්ද අත්දැකීම් අලුතෙන් ලියන්න හිතා ගත්තා.
Subscribe to:
Posts (Atom)