" ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි. පාරිශුද්ධයි සුරම්යයි"
අද කාලේ ආදරේ කියන වචනයත් එක්කම රාගය කියන වචනෙත් එළිපිටම කතා කරනවා. කොහොම උනත් ආදරේ කියන මානුෂිය හැඟීම ඇතුලේ රාගය කියන දේත් හැංගිලා තියෙනවා කියලා මට නම් හිතෙන්නේ.රාගය ගෑවිලාවත් නැති ආදරයක් තියෙන්න පුලුවන්ද?

උදේ පාන්දරම ඉස්කෝලෙට යන්නේ ඒ මුණ දකින්න බලාගෙන. එත් දවසකට එක පාරයි. ඈතට දැක්කත් ඇති මුළු දවසටම. හැම තප්පරයකම හිතනවා. එත් එක පොඩ්ඩක්වත් දැනෙන්න දෙන්නේ නෑ. කරන කියන හැම දේම හොයල බලනවා කවදාවත් අහන්නේ නෑ. හිනාවෙද්දී ඊට වඩා සතුටක් නැති තරම්. එත් upset වෙලා ඉද්දි දුකයි. ළඟින් ඉන්න බයයි එත් හැමතිස්සෙම පේන මානෙක ඉන්න ආසයි.
අමාරුවෙන් ළඟ තිබ්බ සල්ලි ඔක්කොම වියදම් කරලා ගත්ත තෑග්ග දුන්නෙත් වෙන කෙනෙක් දුන්න විදිහට. අඩුම තරමේ තෑග්ග අරගෙන හිනා උනාද කියලවත් දන්නේ නෑ. කෑමක් ලැබුනත් මුලින්ම හිතෙන්නේ එයා කාලද කියලා. කොච්චර වුනත් එයාගේ නම කියවෙන එක නම් නතර කර ගන්න අමාරු වුණා. මොන කරන්නද කතා කරන්න හිතෙන්නෙම එයා ගැන. ඒ හින්ද අඩුවෙන් කතා කරන්න පටන් ගත්තා.
එයාව පළවෙනියා කරන්න මම අමාරුවෙන් ලකුණු අඩුවෙන් ගත්තා. දෙවනියා වුණා කියලා කොච්චර බැනුම් ඇහුවද එත් එයා පළවෙනියා වෙලා වින්ද සත්තුටටත් වඩා සතුටක් දැනුනා. එයා ගාවින් ඉඳ ගන්න කොච්චර නම් චාන්ස් ආවද එත් කවදාවත් එක ළඟ ඉඳ ගෙන ඉඳල නෑ.
එත් ඒ ආදරේ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කම තිබ්බා. කවදාවත් කිව්වේ නැති වුනාට එයා මේ ගැන දැනගෙන හිටියා. අන්තිමට එයා කවදාවත්ම මට අයිති නැති බව දැන ගත්තා. එදා වගේම තාමත් හිතෙන්නේ එයා සතුටින් නම් මට ඒ ඇති කියලා.
ප්‍රථම ප්‍රේමය එහෙම වෙන්නැති... :)
ReplyDeleteඔව් ඇත්තටම සුන්දරයි
Deleteනෑ මම කිවුවෙ මේ , අනිවාර්යෙන් මම නම් හිතන ව්දිහට ප්‍රථම ප්‍රේමය රාගයෙන් තොරයි... නමුත් ප්‍රේමය රාගය සමඟ මුසු වෙනවාමය..
Deleteමටත් ඔය කතාවට ටිකක් සමාන අද්දැකීමක් තියනවා...
හ්ම්... ඔයා හරි