Thursday, December 18, 2014

සරසවියෙන් නික්මීම












පිය සටහන් මැකිලා තවමත් නැතුවද
අපි ගතකල  මොහොතක්  පාසා
අවසන් පා සටහන් හෙට තැබුවද
යන්නේ කොහොමද සමු දීලා...
තාමත් සුලඟේ හෙමින් ඇසෙනවා
අපි ඉස්සර කළ කවට සිනා
ගහකොළ වැල් හොඳ හැටි දන්නවා ඇති
හොර රහසේම අපි කරපු කතා...
සුසුමක් සුසුමක් පාසා දැනෙන්නත්
ඉස්සර සුවඳම හින්දා මෙදා...
හිතට මේ තරම් දුකක් දැනෙන්නේ
ලෙන්ගතු කම ලොකු වැඩි හන්දා...

මතක පෙතේ කෙරවලක ඉඳන් 
එබිකම් කෙරුවත් එහෙන් මෙහෙන්
හිත දන්නවා අයෙත් එන් නෑ
සමනළ යුගයක කියුම් කෙරුම් ....
හිතේ තියාගෙන අරගෙන යන්නම්
ලස්සන ලස්සන මතක ගොඩක්
තනිවුණ දාකට දැනේවි එතකොට
ඔයාලා මගේ ළඟ ඉන්න බවක්


4 comments:

  1. අදයි අපි මේ පැත්තට ගොඩවුනේ.............. හරිම සතුටුයි බ්ලොගය ගැන..... දිගට ම ලියන්න.............. අපේ බ්ලොග් සහෘදයන්ගේ සින්ඩි වලට අැවිත් රෙජිස්ටර් වෙන්න... ඒක අනික් අයටත් මේ පැත්තට ඒන්න පාර කියාවි....................... අපි දිගට ම ඒන්නම්........... හැකි හැම වෙලාවෙම ලියමු...........

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි .... ඉඩ ලැබෙන හැමවෙලේම ලියනවා . සතුටුයි ගොඩක් comment එකට :)

      Delete