වාහන වැඩි හින්දත් මාර්ග නීති අකුරටම පිළිපදින හින්දත් මම හැමදාම කහ ඉරට ඇවිදගෙන ගිහින් පාර පැනල ආපහු ඇවිදගෙන එනවා. එක දවසක් මට ටිකක් පරක්කු උණා. ඔන්න වාසනාවකට වගේ Traffic light දෙකේම රතු light පත්තු වෙලා ඒ අතර වාහන නෑ. මම ආව වේගෙන්ම පාර පැන්නා.
පාර පැනලා අඩි දෙක තුනයි ගියේ කන් බීරි වෙන තරමට විසිල් එකක් වැදුනා. මාව සීතල වුණා. වැරැද්දක් කළානේ හිතට ධෛර්ය අරගෙන හැරිලා බැලුවා. පොලිස් අයියා කෙනෙක් අත වැනුවා. මමත් මායම් හැට හතර සිහියට අරගෙන ළඟට ගිහින් බිම බලාගෙන හිට ගත්තා.

"Good Morning සර්"(මම කිව්වා අහිංසක වැඩිද මන්දා)
"වැරැද්ද මොකක්ද දන්නවාද?"(නොදැන ඉන්න මම බබෙක් නෙමෙයිනේ)
"හ්ම්ම්ම්"(මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා)
"මෙතන කහ ඉරක් තියෙනවද?"(ඇස් පේන්නේ නැද්ද මන්දා)
"නෑ" (ඔලුව වැනුවා තාලෙකට)
"කහ ඉර තියෙන්නේ කොහෙද?"(ෂුවර් ඇස් පෙන්නේ නෑ තමා)
"අතන"(අත දික්කරලම පෙන්නුවා)
"මිස් මොකද කරන්නේ?"(මෙයා මොකටද එන්න හදන්නේ)
ඇස් දිහා හොඳට බලලා හිනා උණා. (උත්තර දෙන එක ඇඟටගුණ නෑ)
"Work කරනවද Study කරනවද"(මොනාකලාම මෙයාට මොකද?)
"Work කරනවා"(කෙටි උත්තර තමයි හොඳ)
"මීට පස්සේ කහ ඉරෙන් පාර මාරුවෙන්න ඕනි හරිද ආයේ අහු උනොත් අල්ලලා උසාවි දානවා"(බොරුවට කේන්ති ගන්න එපා)
මම බොරුවට බිම බලාගෙන හිටියා ලෝකේ තිබ්බ ලොකුම වැරද්ද කරලා අහු උනා වගේ.
"දැන් යන්න"(මෙතන නවතින්න නෙමේ ආවේ)
"හා යන්නම්"(හිනා වුණා නෙමේ හිනා ගියා).
මොනා වුණත් මිනිස්සුන්ට නම්බු දීල කතා කරන්න දන්නා පොලිස් නිලධාරීයෙකුට මාට්ටු වුණේ මගේ වාසනාවකට. නැත්නම් මායම් හැට හතර පැත්තකින් තියල උසාවි කුඩුවට නගින්න වෙන්නේ. ආයේ නම් කහ ඉර මාරු වෙන්නේ නෑ මට.
No comments:
Post a Comment