"වෙනදට තොරතෝංචියක් නැතිව කියවන කෙල්ල මොකෝ මේ අද මූඩ් ගහලා."
පන්තියේ හැමෝටම අද මාව ලොකු ප්‍රශ්නයක් වෙලා. ඉස්සර ඉඳන්ම කට පරිස්සම් කරගෙන හිටියා නම් හොඳයි. එහෙනම් අද කාටවත් මාව ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මින්ස්සු නිහඬව ඉන්නේ මොන මොනා හරි කල්පනා කරන හින්දා. කලපනා කරන්නේ ප්‍රශ්න තියෙන හින්දා. එත් මට මෙච්චර කල් ප්‍රශ්නයක් තිබ්බේ නෑනේ. දැනුත් මේ මගේ පිටට ඇවිත් තියෙන්නේ මගේ ප්‍රශ්නයක් නෙමෙයි. අනේ මන්දා මොනා කරන්නද කියලා.
ඉස්කෝලේ යන මට මොන ආදර කතාද. එත් එකපාරටම බෑ කිව්වොත් මේකා මොන හරි කරගත්තොත් එහෙම. අනික ඉතින් බඳින්න තව කොච්චර කල් තියේද? කවුද දන්නේ එතකොට මොනවයින් මොන වෙයිද කියලා. මේ මනුස්සයා මොකට මන් ගැන මෙහෙම හිතුවද මන්දා. දැන් ඉතින් යාළුකම් ඉවරයි.
මමත් දැන් ඉතින් කල්පනා කරනවා. කතා කරන්න තියා කන්න බොන්නවත් හිතෙන්නේ නෑ. වෙලාව ඔහේ යනවා. ප්‍රශ්නෙට විසඳුමක් නෑ. මගේ ප්‍රශ්නේ දන්නා කට්ටිය අනුකම්පාවෙන් මන් දිහා බලනවා. නොදන්නා කට්ටිය අඟහරු බට්ටෙක් දිහා බලනවා වගේ මගේ දිහා බලනවා. ඔය මේ අස්සේ හදිස්සියකට එළියට යන්න වුණා. අපහු එද්දී නන්නාඳුනන කෙනෙක් මගේ පොතේ සින්දුවක් ලියලා.
"මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න"
ඒක දැක්කම මට ඉබේටම හිනා ගියා. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ ඔක්කොම ප්‍රශ්න විනාඩියෙන් අමතක වුණා.
"කවුද මගේ පොත අල්ලපු බුරුවා" පන්තියම උඩ යන්න මම ඇහුවා.
No comments:
Post a Comment