Wednesday, July 31, 2013

තාත්තාට අම්මා අමතක වීම

අපේ අම්මයි තාත්තයි එකම ඉස්කෝලේ වැඩ කරන නිසා හැමදාම එකටම තමයි ගෙදර එන්නේ. අම්මා වැඩ කරන්නේ ඉස්කෝලේ ප්‍රාථමික අංශයේ. තාත්තා ඉන්නේ විද්‍යාගාරයේ. අම්මා වැඩ ඉවර වෙලා විද්‍යාගාරයට එනවා. ඊළඟට දෙන්නා බයික් එකෙන් ගෙදර එනවා.

දවසක් තාත්තා විද්‍යාගාරයෙන් එළියට එද්දී අම්මාගේ බෑග් එක විද්‍යාගාරයේ ළඟ මේසයක් උඩ තිබිලා. අම්මා ඉඳල නෑ. තාත්තා අම්මාගේ බෑග් එකත් අරගෙන ගෙදර ඇවිත් අපෙන් අහනවා කෝ අම්මා ගෙදර ආවේ නැද්ද කියලා. අපි බලනවා හැමදාම තාත්තා එක්කරගෙන එන අම්මා අද කෝ කියලා.

ඔන්න ටිකකින් අම්මා එනවා බස් එකකින්. ඇස් වල කඳුළු පිරිලා. "මාව දාලා ආවාට කමක් නෑ බෑග් එක තියල එන්න තිබුණනේ" අම්මා කියනවා. අපිට හිත ගන්න බෑ මොකද වුණේ කියලා.

අම්මා එද්දී තාත්තා වැඩක හිටපු නිසා අම්මා කතා කරලා නෑ. මොකක් හරි වැඩකට ආයෙත් ඔෆිස් එකට ගිහින්. ඒ අතර තමයි තාත්තා ඇවිත් තියෙන්නේ. අනේ මන්ද මෙහෙමත් අමතක වෙනවද කියලා.

එත් මතකයි එද්දී අම්මා බස් එකේ එන්න වෙන මිස් කෙනෙක්ගෙන් ඉල්ලා ගත්ත සල්ලි වලින් අපට බිස්කට් එකකුත් ගෙනත් තිබුණා. ඒ අම්මගේ ආදරේ හැටි.

No comments:

Post a Comment