
මතක් කර කර හිනාවෙන්න
පුළුවන් පරිච්ඡේදයක් වේ
ඒ නුඹ එක්ක මම උන්නු කාලයයි...
පිස්සු වැඩ නිමක් නැති
කරපු නැති දෙයක් නැති
ජීවිතේ බරපතලකම ගෑවිලා නැති
ඒ කාලේ ඇත්තමයි සුන්දරයි නිමක් නැති
කොල්ලන්ට ඇද කරලා
අහක බලාගෙන උන්නු
කටකොනින් හිනාවෙලා
පස්සේ ඔරවලා බලපු
ඇත්තටම පව් අනේ කොල්ලන්ට දීපු ලණු
නවතින්න බැරි උනත්
තාම ඉඳහිට යනවා
ඒ සොඳුරු මල් සමයට
තනිකමක් පාළුවක් දැනෙන හැම වෙලාවෙම
අනේ අර අහිංසක කොල්ලො... දුක නැද්ද ටිකක් වත්..? :P:P
ReplyDeleteපව් අනේ දැන් තමයි තේරෙන්නේ :D
Delete