මාව දැකපු කොන්දොස්තර' අයියාට දුක හිතිලා බෑග් එක ඉල්ලුවා අරගෙන තියන්න. "බෑ අයියේ මේකේ laptop එකක් තියෙයි" මම කිව්වේ බෑග් එක බිම වට්ටයි කියල බයෙන්. "නෑ නංගි දෙන්නකෝ මොන හරි උනොත් මම වග කියන්නම්" කොන්දොස්තර ආයෙත් කිව්වා. ඒ පාර මම ඕනිදෙයක් වෙන්න බෑග් එක ගලවල දුන්න. කොන්දොස්තර අයියා බෑග් එක මට පේන්නම අයියා ලගින් තිබ්බා.
බස් එක මතුගමට ලං වෙද්දී ටිකක් සෙනග අඩු වුණා. මට ටිකට් ගන්න විදිහක් තිබ්බෙත් නෑ බෑග් එක ළඟ නැති නිසා. අවුලක් නෑ කොන්දොස්තර අයියා දන්නවනේ ඒක.

මාර වැඩේ මගේ ගාව රුපියලක් වත් නෑ. තව බස් එකක යන්නත් තියෙයි. දැන් නම් ඇඩේන්නම එනවා. මතුගම මම දන්නා කවුරුවත් ඇත්තෙත් නෑ. වචනයක් හරි කතා කරලා තියෙන්නේ අර කොන්දොස්තර එක්ක විතරයි. ඕනි දෙයක් වෙන්න මම කොන්දොස්තර අයියා හොයා ගෙන බස් නතර කරලා තියෙන පැත්තට ආවා. කොන්දොස්තරට මාව දැක්කම හිනා.
"අයියේ පොඩ්ඩක් බස් එක ඇතුලේ බලනවද මගේ purse එක තියේද කියල" මම අමාරුවෙන් ගැට ගහල කිව්වා. "නෑ නංගි ඔයා කිව්වා නිසා මම බස් එක ඇතුලේ බැලුවා කලින්" කොන්දොස්තර කිව්වා.
"ඇයි නංගි දැන් ඔයාට යන්න සල්ලි නැද්ද" මම ආපහු හැරෙද්දීම කොන්දොස්තර ඇහුවා. මම බිම බලාගෙන ඔලුව වැනුවා.
"ඔයා කොහෙටද යන්න ඔනී ආ මේ සල්ලි ගන්න" කොන්දොස්තර රුපියල් 100ක් මට දුන්නා.
"කලවානට තැන්ක්ස් අයියේ" මම සල්ලි අතේ ගලි කරගෙන ආපහු ආවා.
purse එකත් එක්ක මාවත් උස්සන් ගියා නම් කියල මට හිතුනේ ගෙදර ගියාම තාත්තා ගෙනුයි අක්කා ගෙනුයි අහගත්ත බැනුම් කන්දරාව හින්දා. සල්ලි විතරක් නෙමෙයි NIC එක Campus ID එක ATM card ඔක්කොම purse එකත් එක්කම නැති වෙලා තිබුණා. ඒවා ආයෙත් ගන්න ලේසි නැනේ. පළවෙනි පාරට පොලීසියටත් යන්න වුණා. මෙහෙම අඬ අඬ වැඩි දවසක් ගියේ නෑ. හොරා purse එකේ තිබ්බ ලට පට ඔක්කොම ගෙදරට තැපැල් කරලා එවල තිබුණා. ඒ හින්දා වැඩි කරදරයක් වුණේ නෑ. හැබැයි හොරට නම් පාඩු ඇති purse එකේ තිබ්බේ ගෙදර එන්න බස් ගාස්තු විතරනේ
No comments:
Post a Comment