Tuesday, July 16, 2013

Trip එකක්

මම උසස් පෙළ කරනා කාලයේ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යන්න organize කළා අම්බුළුවාව බලන්න. ඒ දවස් වල මමයි තව යාලුවෝ තුන්දෙනක් බෝඩිමක නතර වෙලා හිටියේ. අපි හතර දෙනාටම ට්‍රිප් එක යන්න ඕනි වුණා. එත් ගිහින් ආවම ආපහු බෝඩිමට  යන්න වෙන්නේ තනියම. බෝඩිමේ ඇන්ටි කොහොමත් අපිව ගන්න එන්නේ නෑ. සර්ලා කිව්වා විදියට භාරකාරයෙක් නැත්නම් එදාට ඉස්කෝලේ නතර වෙලා ඊළඟ දවසේ තමයි යන්න වෙන්නේ.

ට්‍රිප් එක යන්න තිබ්බ ආසාව වැඩි හින්දම මොනවා උනත් කමක් නෑ කියල අපි හතර දෙන  යන්න ලෑස්ති වුණා. ඔන්න අපි අම්බුළුවාවේ බලලා එන්න පිටත් වුණා. ආපහු ඉස්කෝලෙට ළං වෙද්දී ටික ටික බයයි. දැන් අපි හතර දෙනා බෝඩිමට යන විදිහ කල්පනා කරනවා. බෝඩිමට ඉස්කෝලේ ඉඳන් වැඩි දුරක් නෑ. භාරකාරයෙක්  නැති එක තාම අවුල. 

බස් එක ඉස්කෝලේ ළඟට එනකල්ම අපිට හොඳ ප්ලෑන් එකක් හිත ගන්න බැරි වුණා. අන්තිමට බස් එක නතර කරපු ගමන් අපි හතර දෙන බස් එකෙන් බැහැල කළුවරේම බෝඩිමට දුවන්න පටන් ගත්තා. මොකද තව මොහොතක් හරි එතන හිටියොත් ඉස්කෝලේ නතර වෙන්න වෙනවනේ. අම්බුළුවාව නැගල කකුල් රිදෙනවා. එත් මග නතර වෙන්න බෑනේ. කොහොම හරි රැ දොළහට විතර රත්නපුර ටවුන් එක මැද්දෙන් බෝඩිමට දුවපු ට්‍රිප් එක නම් මාරු තමයි. හොඳ වෙලාවට කරදරයක් නැතිව බෝඩිමටම යාගන්න පුළුවන් වුණා.

No comments:

Post a Comment