.jpg)
දවසක් ආච්චි අම්මා ගියාම මම සද්දෙට දොර වහගෙන ඇතුලට වෙලා හිටියා. ටිකකින් ගෙයින් එළියෙන් එක එක සද්ද ඇහෙනවා. ටිකක් බය හිතුනා. ගේ වටේට කට්ටිය ඇවිදිනවා ඇහෙනවා. මම හෙමිහිට ජනේලයක් ඇරලා බැලුවා. මෙන්න අල්ලපු ගෙදර අයියා ඉන්නවා එළියේ.
ගෙදරට ගියත් එළියට එන්නේ නැති කෙනා මොකද මේ. "අයියේ මොකද ප්‍රශ්නේ?" මම හෙමිහිට ඇහුවා.
"අනේ නංගි ඔයා ගේ ඇතුලේ හිටියද?" අයියාට හිනාවකුත් ගියා.
මම ඕන දෙයක් කියලා දොර ඇරියා. බුදු අම්මෝ ගමේම කට්ටිය ඇවිත්. කැති පොලු වීදුරු බෝතල් අතේ අරගෙන. "ඇයි මේ" මම බයෙන් බයෙන් ඇහුවා. "නෑ මෙහේ දොර කඩනවා වගේ සද්දයක් ඇහුණා අපි හිතුවේ හොරු පැනල කියල" ගමේ කෙනෙක් කිව්වා. "පාරේ ආච්චි අම්මා හිටියේ නැද්ද" මම ඇහුවා "හිටියා අපි කතා කරලා ආවේ ගෙදර කවුරුවත් නෑ කිව්වා අපි හිතුවා කවුරුත් නැති වෙලාවේ ගේ ඇතුලෙන් සද්දයක් ආවම හොරෙක් ඇවිත් කියලා නංගි ඇතුලේ ඉන්නවා කියල දන්නේ නැනේ " දැන්නම් මටත් හිනා ආච්චි අම්මා වැඩි හොඳට කියන්න ඇත්තේ ගෙදර කවුරුත් නෑ කියල. මම හැමෝටම තැන්ක්ස් කරලා ආයෙත් දොර වහ ගත්තා. තව පොඩ්ඩෙන් නොපැන්න හොරෙක් හින්ද මම ගුටි කනවා අම්බානකට.
No comments:
Post a Comment