Wednesday, July 3, 2013

Boycott කිරීම

මේක campus එකට ආව අලුතම වෙච්ච දෙයක්. ඒ දවස්වල campus එකේ නීති ගැන දන්නෙත් නෑ. පොඩ්ඩක් වැඩිපුර නින්ද ගිහින් උදේ තිබුණ lecture එකට යන්න ටිකක් පරක්කු වුණා. lecture හෝල් එක ළඟට යද්දී දෙතුන් දෙනෙක් එළියේ හිටගෙන හිටියා. ඒ කියන්නේ lecture එක පටන් අරගෙන. අපිට කියල තියෙන්නේ lecture එකක් පටන් ගත්තාට පස්සේ lecture හෝල් එකට යන්න එපා කියලා. මොනා කරන්නද ඉතින් ගිහින් අල්ලපු හෝල් එකෙන් ඉඳ ගත්තා. පුදුමේ කියන්නේ එදා අපි විසි පහකට විතරම පොඩ්ඩක් වැඩිපුර නින්ද ගිහින් තිබුණා.
 කරන්න දෙයක් දන්නේ නැති හින්දාම අල්ලපු හෝල් එකට වෙලා ඉඳ ගෙන හිටියේ ඊළඟ lecture එකටවත් යනවා කියල හිතාගෙන. අපි එතන ඉඳ ගෙන ඉන්නවා අදාල lecturer ත් දැක්කා. මොනා කරන්නද අපි පරක්කු වෙලානේ ආවේ. ඔන්න lecture එක ඉවරයි. අපි lecture හෝල් එකේ දොර ගාවට ගියා. lecturer එළියට ඇවිත් කියපි "Boycott කරපු කට්ටිය ඇවිත් මාව meet වෙන්න "කියලා. මොකක්ද මේ Boycott කතාව මම නම් හොඳටම බය වුණා.
lecture එකක් මග ඇරලා එහෙම එළියේ ඉන්නවට කියන්නේ Boycott කරනවා කියලාලු. අනේ මන්දා දේශනාවකුත් ඇහුවා. වැරැද්ද පිළි අරන් අත්සනකුත් දැම්මා. එත් ඇත්තටම වුණේ පොඩ්ඩක් වැඩිපුර නින්ද ගියා එක. කමක් නෑ මොනා වුනත් දන්නේ නැතිව හරි Boycott එකකුත් කලානේ ආව ගමන්ම, පොඩි ආඩම්බරයක්
දැනුනේ නැත්තෙමත් නෑ  .

2 comments:

  1. ane api nam oya boycott wachane ahalwath naha

    ReplyDelete
    Replies
    1. ඇත්තද ඇයි අනේ ඔයානේ ඉසසරහම හිටියේ

      Delete