Tuesday, July 30, 2013

ඉරිසියාව

මම කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා මහේල ජයවර්ධන. මැච් එකක් බලන්නේ මහේල පිට්ටනියේ ඉන්නකල් විතරයි. ඒ වෙලාවට නම් කවුරු මොනවා කිව්වත් මම ටීවී එක ළඟින් හෙලවෙන්නේ නෑ. දවසක් මහේල හොඳටම සෙල්ලම් කරද්දී අයියා ඇවිත් චැනල් එක මාරු කලා. මට මාර තරහයි. කොල්ලන්ගේ හැටි ඔහොම්මම තමයි. නංගි වුණත් වෙන කොල්ලෙක් දිහා බලාගෙන ඉද්දි ඉරිසියාවේ පැලෙනවා. කෙල්ලන්ට වඩා කොල්ලන්ට ඉරිසියාව දැනෙනවා.

" තියෙන ඉරිසියාවක් " මම අසාධාරණයට විරුද්ධව කට ඇරියා. "ඔයාට බෑනේ මහේල වගේ ක්‍රිකට් ගහන්න එකනේ " තව වචනයක් කියන්න කලින් අයියා ආපහු මැච් එක තිබ්බ චැනල් එක දැම්මා. දැන් අයියාත් මාත් එක්ක මැච් එක බලනවා.

මැච් එක අස්සේ කරීනා කපුර් නාන ලක්ස් සබන් ඇඩ් එකක් යනවා. එක පාරක් දෙපාරක් නම් ඉවසන්න පුළුවන් මේක දහපාරක් විතර එකම ඇඩ් එක. අයියා ඒක දිහා හොඳට බලන් ඉන්නවා. මට ආයෙත් තද වුණා.
"මොන මලහොන්තුවක්ද මේ " මම කිව්වා විතරයි ඔන්න අයියාත් කට ඇරියා.

"තියෙන ඉරිසියාවක් ඔයා කරීනා කපුර් වගේ ලස්සන නැනේ එකනේ. කෙල්ලෝ ඔහොම්මයි. ලස්සන කෙල්ලෙක් දැක්කම ඉරිසියාවේ පැලෙනවා."

ඒ කතාවට නම් ඇත්තට දුක හිතුනා. මොන කරන්නද ඉතින් කතාව ඇත්තනේ.

4 comments:

  1. අයියා 1/2 හරි.. කරීනා වගේ නෑ තමයි ඔයා...
    ඇයි අනේ කරීනා ලස්සනයිද..? :P අයියට කණ්ණාඩි දාන්න කියන්න වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. කන්නාඩි දාලනේ ඉන්නේ කොහොමත් අපි නම් ගණන් ගනී එයා කියන කතා

      Delete
  2. ඇයි කරීනා ලස්සන නැද්ද ? :v

    ReplyDelete