Monday, July 29, 2013

ටික්කො

කටුබැද්ද හන්දියේ ඉඳලා මොරටුව කැම්පස් එකට තියෙන්නේ පොඩි දුරයි. ඒ වුනත් ගොඩක් වෙලාවට යන්නේ 255 බස් එකෙන්. පයින් යන්නේ කලාතුරකින්.

දවසක් මමයි මගේ හොඳම යාළුවයි කටුබැද්ද හන්දියෙන් කැම්පස් එකට එන්න බස් එකට නැග්ගා. බස් එකේ හොඳටම සෙනග. මේ වගේ වෙලාවට අපි ටිකට් ගන්නේ නෑ. ෂේප් වෙලා යනවා. හැබැයි මේ CTB බස් එකක්. කමක් නෑ හෝල්ට් දෙකයිනේ අතර මැද්දේ තියෙන්නේ.  කොච්චර සෙනග හිටියත් අපි දෙන්නා කයියක් ගහගෙන කැම්පස් එක ගාවටම ආවා.

මෙන්න කැම්පස් එක ළඟින් බහින කොට එක මහත්මයෙක් ඇවිත් අපෙන් ටිකට් ඉල්ලනවා. කොහේ තියෙන ටිකට්ද ??? කොන්දොස්තරව ඇහැට දැක්කේ නෑ. අනික කවදා පැනපු ටික්කොද ??? අපි දෙන්න ඇඹරෙන කොට බස් එකේ හිටපු අන්කල් කෙනෙක් අපි දෙන්නා වෙනුවෙන් ඉදිරි පත් වුණා.
 "කොන්දොස්තර ඉස්සරහට එන්න එපැය ටිකට් ගන්න
බස් එකේ ඉන්න සෙනග හැටියට කොහේ ටිකට් ගන්නද"
අපි දෙන්නා අන්කල්ට පින් සිද්ද වෙන්න ටිකට් එකේ ගාන විතරක් දීල එන්න පුළුවන් වුනා. නැත්නම් ටිකට් එකේ ගාන වගේ දෙගුණයක් එක්ක දඩයකුත් කන්න තමයි වෙන්නේ.

4 comments:

  1. Honda wade horen bus wala yanawata.. Ahuwenna mai thibbe.

    ReplyDelete
    Replies
    1. ahu una nam oyalata thamay dada ekathu karala denna venne

      Delete
  2. heee....maru wade thamai eka...

    ReplyDelete