Sunday, July 14, 2013

හොරෙන් අඹ කැඩීම

අපේ ගෙදර අඹ ගස් ඕනා තරම් තියෙයි. ඒවායේ කොච්චර ගෙඩි හැදුනත් මට කන්න නම් හිතෙන්නේ නෑ. එත් ඉස්කෝලේ අල්ලපු වත්තේ තියෙන්න අඹ ගහේ ගෙඩි හැදිලා තියෙන හැටි දැක්කම නම් කටට උනන කෙල නවතින්නෙම නෑ. කඩා ගෙන කන්නමයි හිතෙන්නේ. ඉඳල ඉඳල බැරිම තැන මම කොල්ලෙක් ට කිව්වා අපි අල්ලපු වත්තෙන් අඹ කඩමු කියල. උනුත් ඇහැ ගහගෙනම තමයි ඉඳල තියෙන්නේ.

අපි දැන් වෙලාවක් බල බල ඉන්නේ අල්ලපු වත්තට පැනල අඹ කඩාගෙන එන්න. ඔන්න දවසක් interval එකෙන් පස්සේ subjects  ඔක්කොම නෑ. අඹ කඩන්න කියාපු වෙලාව. කට්ටියට පොඩි idea පාරක් දැම්මා විතරයි. කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම එකා වගේ ලෑස්ති. ඔක්කොම ගියාම මාට්ටු වෙන නිසා අපි ටික දෙනෙක් විතරක් වැඩේට ගියා. ඔත්තු බලන්න කෙල්ලෝ දෙන්නෙක් තියල කට්ටිය වැටෙන් පැනලා අඹ ගහ ගාවට ගියා. මම කෙල්ලෙක් හින්දා වැට ගාවින් නතර වෙන්න උණා.

කඩපු අඹ අතින් අතට යවල කවරයකට එකතු කර ගත්තා. දැන් වැඩේ ඉවරයි. පන්තියට ඇවිල්ල කැන්ටිමෙන් ඉල්ලගත්ත පිහියෙන් අඹ කපල කන්න හැදුව විතරයි. මෙන්න principal එනවා තඩි වේවැලකුත් අරන්.

 "කවුද අල්ලපු වත්තේ අඹ කැඩුවේ පන්තියටම ගහන්න කලින් ඇත්ත කියනවා" කවුරුවත් හ්ම් සද්දයක් නෑ,

"හරි මම තමුසෙලට විනාඩි දහයක් දෙන්නම් අඹ කඩපු කට්ටිය එනවා office එකට"

දැන් මොකද කරන්නේ? "මුලින්ම ගිහින් maths සර් හම්බ වෙමු" මම යෝජනා කලා. මොකද අපිව ඕන දේකින් ගලවා ගන්නේ maths සර්නේ. කට්ටියම ඒකට කැමති වුණා. එත් ඉතින් ටික දෙනෙකුට යන්නම වෙනවා සමාව ගන්න. කොල්ලෝ පස් දෙනෙක් විතර ඕනි දේකට සර් ගාවට යන්න  කැමති වුණා. maths සර්රුත් තනියට ගිහින් කට්ටියව ගුටි නොකා ශේප් කරගෙන තිබුණා.මොන උනත් කට්ටිය එක්ක හොරෙන් කාපු අඹ නම් මාර රසයි. තාමත් දන්නේ නෑ වැඩේ කොහොමද මාට්ටු වුණේ කියල.

1 comment:

  1. වැඩේ මාට්ටු වුණේ ඔයා සර්ට සිද්ධිය කියපු නිසා කියලානේ මට කිවුවේ

    ReplyDelete