.jpg)
මම ආයෙත් පාරක් ඇස් ඇරලා බැලුවා. වෙලාව ප.ව. 2.30. මම හිතුවේ පැයක් විතර ගියා කියලා. තව කොච්චර වෙලා තියෙනවද රෑ වෙන්න. මම යන්තම් ඔලුව කරකවලා බැලුවා. සේලයින් බෝතලේන් බාගයක්ම ඉවර වෙලා. බිංදු බිංදු සේලයින් බටේට වැටෙනවා. එකත් ඉක්මනට ඉවර වෙන එකක් නෑ. කොහොම හරි නිදා ගන්න ඕනි ලෙඩ්ඩු බලන්න එන වෙලාවට ඇහැරෙන්න පුළුවන්නේ. මම ඇස් තද කරලා පිය ගත්තා.
මට ඇහැරුනේ අම්මා ඇවිත් කතා කලාම. තාත්තත් ඇවිත්, අක්කයි නංගිලා දෙන්නත් එක්කරන් ඇවිත්. මට දැනුනේ පුදුම සතුටක්. දැන් නම් මැරුණත් කමක් නෑ කියල හිතුණා. මට ඕනි වුණේ ඇඳ උඩ ඉඳ ගන්න. පොඩ්ඩක් හැරුණා විතරයි. අම්මෝ දැනුන කැක්කුමට මාව උඩ ගිහින් ඇහැරුණා. ඔරලෝසුව වෙලාව ප.ව.3.00. කාගේද අඩි සද්දයක් ඈතින් ඇහෙනවා. හ්ම්ම්ම් දොස්තර වෙන්න ඇති. ලෙඩ්ඩු බලන්න එන්න තව වෙලා තියෙනවනේ. අනික අම්මලා කොහොමද රෑ වෙලා මාව බලන්න කොළඹ එන්නේ. හෙට උදේම එයි. මම ආයෙත් ඇස් පියා ගත්තා.
No comments:
Post a Comment