Thursday, August 29, 2013

යෙහෙළියේ....

ජීවිතය නම් පොතේ පිටු අතර
මතක් කර කර  හිනාවෙන්න
පුළුවන් පරිච්ඡේදයක් වේ
ඒ නුඹ එක්ක මම උන්නු කාලයයි...

පිස්සු වැඩ නිමක් නැති
කරපු නැති දෙයක් නැති
ජීවිතේ බරපතලකම ගෑවිලා නැති
ඒ කාලේ ඇත්තමයි සුන්දරයි නිමක් නැති




කොල්ලන්ට ඇද කරලා
අහක බලාගෙන උන්නු
කටකොනින් හිනාවෙලා
පස්සේ ඔරවලා බලපු
ඇත්තටම පව් අනේ කොල්ලන්ට දීපු ලණු

නවතින්න බැරි උනත්
තාම ඉඳහිට යනවා
ඒ සොඳුරු  මල් සමයට
තනිකමක් පාළුවක් දැනෙන හැම වෙලාවෙම




2 comments:

  1. අනේ අර අහිංසක කොල්ලො... දුක නැද්ද ටිකක් වත්..? :P:P

    ReplyDelete
    Replies
    1. පව් අනේ දැන් තමයි තේරෙන්නේ :D

      Delete