Friday, August 9, 2013

Noot

මගේ ජීවිතේ මට හම්බ වුණු හොඳම යාළුවා තමයි "Noot". Noot පූසෙක්. සුදුම සුදු පාට වලිගෙ විතරක් කළු පාට ඇස් ළා කොළ පාට ලස්සන පූසෙක්. ඉපදිලා සතියකින් විතර අපේ ගෙදරට මෙයාව ගෙනල්ලා දුන්නේ පූස් අම්මා නැති වුණා කියලා. ඒ දවස් වල ඇඟිල්ලක් තරම් ඇති. චූටි කාලේ කිරි දුන්නේ පාන්තිරයක් පොඟවලා නිසා තාමත් මෙයා රෙදි කෙරවල් අල්ලාගෙන උරන්නවා පොඩි එකෙක් වගේ.

කොහොම වුණත් ගෙදර හැමෝගෙම ආදරේ දිනා ගන්න Noot දක්ෂයා. තාම මතකයි A/L  කරන දවස් වල රෑට පාඩම් කරද්දී මෙසේ කෙරවලක ඉඳ ගෙන හිටපු හැටි. මටත් කලින් ගිහින් මගේ ඇඳේ නිදා ගන්නේ හරියට එයාගේ ඇඳ වගේ. Noot කෑ ගහන්නේ අමුතු විදිහකට. හැබැයි ඒ වෙලාවට මෙයාව ගනන් ගත්තේ නැති වුනොත් නම් හපනවා.

මොනා වුණත් මෙයාට කන්න දීලා නම් පිරිමහන්න බෑ. නංගි කියන්නේ බඩේ හිගන්නෝ හැටක් ඉන්නවා කියලා. කන්න දෙනවා නම් ඕනි තරම් චාටර් වෙන්න Noot කැමතියි.

හැමතිස්සෙම මගේ ළඟට වෙලා ඉන්න හිනා වුණත් ඇඬුවත් දාලා යන්නේ නැති මගේ සුදු මැණික තමයි Noot.

3 comments:

  1. `අපෝ පූස් වරිගේ ගොඩාක් අය කෑම වෙනුවෙන් නම් නැට්ටටම චාටර් වෙයි.. :) අපෙත් ඉන්නවා ඔය වගේ පිත්තු පූතෙක්...
    එයාගෙ නම කිටී...

    ඔයාගෙ Nootව හොඳින් බලාගන්න..

    ReplyDelete
  2. මෝඩ කළු නකුටානේ හැම වෙලේම චාටර් වෙනවා



    ReplyDelete