අපේ අම්මයි තාත්තයි එකම ඉස්කෝලේ වැඩ කරන නිසා හැමදාම එකටම තමයි ගෙදර එන්නේ. අම්මා වැඩ කරන්නේ ඉස්කෝලේ ප්රාථමික අංශයේ. තාත්තා ඉන්නේ විද්යාගාරයේ. අම්මා වැඩ ඉවර වෙලා විද්යාගාරයට එනවා. ඊළඟට දෙන්නා බයික් එකෙන් ගෙදර එනවා.
දවසක් තාත්තා විද්යාගාරයෙන් එළියට එද්දී අම්මාගේ බෑග් එක විද්යාගාරයේ ළඟ මේසයක් උඩ තිබිලා. අම්මා ඉඳල නෑ. තාත්තා අම්මාගේ බෑග් එකත් අරගෙන ගෙදර ඇවිත් අපෙන් අහනවා කෝ අම්මා ගෙදර ආවේ නැද්ද කියලා. අපි බලනවා හැමදාම තාත්තා එක්කරගෙන එන අම්මා අද කෝ කියලා.
ඔන්න ටිකකින් අම්මා එනවා බස් එකකින්. ඇස් වල කඳුළු පිරිලා. "මාව දාලා ආවාට කමක් නෑ බෑග් එක තියල එන්න තිබුණනේ" අම්මා කියනවා. අපිට හිත ගන්න බෑ මොකද වුණේ කියලා.
අම්මා එද්දී තාත්තා වැඩක හිටපු නිසා අම්මා කතා කරලා නෑ. මොකක් හරි වැඩකට ආයෙත් ඔෆිස් එකට ගිහින්. ඒ අතර තමයි තාත්තා ඇවිත් තියෙන්නේ. අනේ මන්ද මෙහෙමත් අමතක වෙනවද කියලා.
එත් මතකයි එද්දී අම්මා බස් එකේ එන්න වෙන මිස් කෙනෙක්ගෙන් ඉල්ලා ගත්ත සල්ලි වලින් අපට බිස්කට් එකකුත් ගෙනත් තිබුණා. ඒ අම්මගේ ආදරේ හැටි.
Wednesday, July 31, 2013
Tuesday, July 30, 2013
ඉරිසියාව
මම කැමතිම ක්රිකට් ක්රීඩකයා මහේල ජයවර්ධන. මැච් එකක් බලන්නේ මහේල පිට්ටනියේ ඉන්නකල් විතරයි. ඒ වෙලාවට නම් කවුරු මොනවා කිව්වත් මම ටීවී එක ළඟින් හෙලවෙන්නේ නෑ. දවසක් මහේල හොඳටම සෙල්ලම් කරද්දී අයියා ඇවිත් චැනල් එක මාරු කලා. මට මාර තරහයි. කොල්ලන්ගේ හැටි ඔහොම්මම තමයි. නංගි වුණත් වෙන කොල්ලෙක් දිහා බලාගෙන ඉද්දි ඉරිසියාවේ පැලෙනවා. කෙල්ලන්ට වඩා කොල්ලන්ට ඉරිසියාව දැනෙනවා." තියෙන ඉරිසියාවක් " මම අසාධාරණයට විරුද්ධව කට ඇරියා. "ඔයාට බෑනේ මහේල වගේ ක්රිකට් ගහන්න එකනේ " තව වචනයක් කියන්න කලින් අයියා ආපහු මැච් එක තිබ්බ චැනල් එක දැම්මා. දැන් අයියාත් මාත් එක්ක මැච් එක බලනවා.
මැච් එක අස්සේ කරීනා කපුර් නාන ලක්ස් සබන් ඇඩ් එකක් යනවා. එක පාරක් දෙපාරක් නම් ඉවසන්න පුළුවන් මේක දහපාරක් විතර එකම ඇඩ් එක. අයියා ඒක දිහා හොඳට බලන් ඉන්නවා. මට ආයෙත් තද වුණා.
"මොන මලහොන්තුවක්ද මේ " මම කිව්වා විතරයි ඔන්න අයියාත් කට ඇරියා.
"තියෙන ඉරිසියාවක් ඔයා කරීනා කපුර් වගේ ලස්සන නැනේ එකනේ. කෙල්ලෝ ඔහොම්මයි. ලස්සන කෙල්ලෙක් දැක්කම ඉරිසියාවේ පැලෙනවා."
ඒ කතාවට නම් ඇත්තට දුක හිතුනා. මොන කරන්නද ඉතින් කතාව ඇත්තනේ.
Monday, July 29, 2013
ටික්කො
කටුබැද්ද හන්දියේ ඉඳලා මොරටුව කැම්පස් එකට තියෙන්නේ පොඩි දුරයි. ඒ වුනත් ගොඩක් වෙලාවට යන්නේ 255 බස් එකෙන්. පයින් යන්නේ කලාතුරකින්.
දවසක් මමයි මගේ හොඳම යාළුවයි කටුබැද්ද හන්දියෙන් කැම්පස් එකට එන්න බස් එකට නැග්ගා. බස් එකේ හොඳටම සෙනග. මේ වගේ වෙලාවට අපි ටිකට් ගන්නේ නෑ. ෂේප් වෙලා යනවා. හැබැයි මේ CTB බස් එකක්. කමක් නෑ හෝල්ට් දෙකයිනේ අතර මැද්දේ තියෙන්නේ. කොච්චර සෙනග හිටියත් අපි දෙන්නා කයියක් ගහගෙන කැම්පස් එක ගාවටම ආවා.
මෙන්න කැම්පස් එක ළඟින් බහින කොට එක මහත්මයෙක් ඇවිත් අපෙන් ටිකට් ඉල්ලනවා. කොහේ තියෙන ටිකට්ද ??? කොන්දොස්තරව ඇහැට දැක්කේ නෑ. අනික කවදා පැනපු ටික්කොද ??? අපි දෙන්න ඇඹරෙන කොට බස් එකේ හිටපු අන්කල් කෙනෙක් අපි දෙන්නා වෙනුවෙන් ඉදිරි පත් වුණා.
"කොන්දොස්තර ඉස්සරහට එන්න එපැය ටිකට් ගන්න
බස් එකේ ඉන්න සෙනග හැටියට කොහේ ටිකට් ගන්නද"
අපි දෙන්නා අන්කල්ට පින් සිද්ද වෙන්න ටිකට් එකේ ගාන විතරක් දීල එන්න පුළුවන් වුනා. නැත්නම් ටිකට් එකේ ගාන වගේ දෙගුණයක් එක්ක දඩයකුත් කන්න තමයි වෙන්නේ.

First Love
" ප්රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්යයි. පාරිශුද්ධයි සුරම්යයි"
අද කාලේ ආදරේ කියන වචනයත් එක්කම රාගය කියන වචනෙත් එළිපිටම කතා කරනවා. කොහොම උනත් ආදරේ කියන මානුෂිය හැඟීම ඇතුලේ රාගය කියන දේත් හැංගිලා තියෙනවා කියලා මට නම් හිතෙන්නේ.රාගය ගෑවිලාවත් නැති ආදරයක් තියෙන්න පුලුවන්ද?
ඔව් ඒ ආදරේ හරිම සුන්දරයි. පාරිශුද්ධයි.උදේ පාන්දරම ඉස්කෝලෙට යන්නේ ඒ මුණ දකින්න බලාගෙන. එත් දවසකට එක පාරයි. ඈතට දැක්කත් ඇති මුළු දවසටම. හැම තප්පරයකම හිතනවා. එත් එක පොඩ්ඩක්වත් දැනෙන්න දෙන්නේ නෑ. කරන කියන හැම දේම හොයල බලනවා කවදාවත් අහන්නේ නෑ. හිනාවෙද්දී ඊට වඩා සතුටක් නැති තරම්. එත් upset වෙලා ඉද්දි දුකයි. ළඟින් ඉන්න බයයි එත් හැමතිස්සෙම පේන මානෙක ඉන්න ආසයි.
අමාරුවෙන් ළඟ තිබ්බ සල්ලි ඔක්කොම වියදම් කරලා ගත්ත තෑග්ග දුන්නෙත් වෙන කෙනෙක් දුන්න විදිහට. අඩුම තරමේ තෑග්ග අරගෙන හිනා උනාද කියලවත් දන්නේ නෑ. කෑමක් ලැබුනත් මුලින්ම හිතෙන්නේ එයා කාලද කියලා. කොච්චර වුනත් එයාගේ නම කියවෙන එක නම් නතර කර ගන්න අමාරු වුණා. මොන කරන්නද කතා කරන්න හිතෙන්නෙම එයා ගැන. ඒ හින්ද අඩුවෙන් කතා කරන්න පටන් ගත්තා.
එයාව පළවෙනියා කරන්න මම අමාරුවෙන් ලකුණු අඩුවෙන් ගත්තා. දෙවනියා වුණා කියලා කොච්චර බැනුම් ඇහුවද එත් එයා පළවෙනියා වෙලා වින්ද සත්තුටටත් වඩා සතුටක් දැනුනා. එයා ගාවින් ඉඳ ගන්න කොච්චර නම් චාන්ස් ආවද එත් කවදාවත් එක ළඟ ඉඳ ගෙන ඉඳල නෑ.
එත් ඒ ආදරේ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කම තිබ්බා. කවදාවත් කිව්වේ නැති වුනාට එයා මේ ගැන දැනගෙන හිටියා. අන්තිමට එයා කවදාවත්ම මට අයිති නැති බව දැන ගත්තා. එදා වගේම තාමත් හිතෙන්නේ එයා සතුටින් නම් මට ඒ ඇති කියලා.
Tuesday, July 23, 2013
මග බලා හිඳීම
ඉස්සර අපේ ගෙවල් ළඟ ඉන්න මල්ලි කෙනෙක් මම ඉස්කෝලේ ඇරිලා එද්දී හැමදාම බලාගෙන ඉන්නවා (මල්ලියෙක් කිව්වට පොඩි කෙනෙක් නෙමෙයි නව යොවුන් වියේ කෙනෙක් හිතන් ඉන්න ඇත්තේ මම එයට වඩා පොඩි කියල වෙන්න ඇති ). මමත් school van එකේ යන නිසා හැමදාම ආඩම්බර බැල්මක් දා ගෙන යනවා.
දවසක් school van එක මගදී කැඩුනා. van එක කැඩුන තැන ඉඳන් අපේ ගෙදරට වැඩි දුරක් නැති නිසාත් van එක හදා ගන්න කල් එතනට වෙලා ඉන්න කම්මැලි හින්දත් මම පයින්ම ගෙදරට එන්න පටන් ගත්තා. මම ඈතටම දැක්කා එදත් ඒ මල්ලි එයාලගේ ගෙදර දොරකඩ පාර බල බල ඉන්නවා. මාර වැඩේ තමා මෙයා මාත් එක්ක කතා කරයිද අද ???? එහෙම උනොත් මොනාද කරන්නේ මම දැන් කල්පනා කර කර එනවා. වෙලාවටම පාරේ කවුරුවත් නෑ. ෂික්... මම දැන් ටිකක් විතර බය වෙලා. කුඩෙන් මුණ වහගෙන එතනින් ඉක්මනින් ඉක්මනින් යන්න හැදුවේ. අනේ මන්ද පෙර කල කරුමයක්ද කියල මාව එතනම ඇදගෙන වැටුණා. කුඩේ වීසි වෙලා ගියා. මුණත් බිම ඇනුනා.
මාර නෝන්ඩිය තමා. වැටුණ වේගෙන්ම මම නැගිටලා ඉක්මනට යන්න පටන් ගත්තා. කකුල තුවාල වෙලා හොඳටම රිදෙනවා. ඇස් වලින් කඳුළු බේරෙනවා. වැඩි දුරක් යන්න වුණේ නෑ අර මල්ලි බයිසිකලයකින් ඇවිත් අහිංසක විදිහට අහනවා "ඔයාට රිදුනද " කියලා. මොන මෝඩයෙක්ද මන්දා මට පුළුවන් නම් පොලව පලාගෙන යනවා. මම හොඳට රවල බැලුවා. එදා ඉඳන් එයා මම එනකල් බලා හිටියෙත් නෑ. මම කොල්ලන්ට ආඩම්බර බැලුම් දැම්මෙත් නෑ.

Tuesday, July 16, 2013
අහිමි නුඹ
නුඹ සඳ වගේමයි
මම සඳට පෙම් කල
පුංචි තරුවක් වගේමයි
අනන්තය සේ දැනුනත්
මගේ ආදරේ නුඹට
වැලි කැටයක් වගේමයි
කොයි තරම් කීවත්
මගේ බොළඳ හිතට
අහන නාහන ගානයි
කවුරුන් කෙසේ සිතුවත්
කෙදිනක හෝ මට
නුඹ හිමිවෙයි නියතයි
Trip එකක්
මම උසස් පෙළ කරනා කාලයේ ඉස්කෝලෙන් ට්රිප් එකක් යන්න organize කළා අම්බුළුවාව බලන්න. ඒ දවස් වල මමයි තව යාලුවෝ තුන්දෙනක් බෝඩිමක නතර වෙලා හිටියේ. අපි හතර දෙනාටම ට්රිප් එක යන්න ඕනි වුණා. එත් ගිහින් ආවම ආපහු බෝඩිමට යන්න වෙන්නේ තනියම. බෝඩිමේ ඇන්ටි කොහොමත් අපිව ගන්න එන්නේ නෑ. සර්ලා කිව්වා විදියට භාරකාරයෙක් නැත්නම් එදාට ඉස්කෝලේ නතර වෙලා ඊළඟ දවසේ තමයි යන්න වෙන්නේ.
ට්රිප් එක යන්න තිබ්බ ආසාව වැඩි හින්දම මොනවා උනත් කමක් නෑ කියල අපි හතර දෙන යන්න ලෑස්ති වුණා. ඔන්න අපි අම්බුළුවාවේ බලලා එන්න පිටත් වුණා. ආපහු ඉස්කෝලෙට ළං වෙද්දී ටික ටික බයයි. දැන් අපි හතර දෙනා බෝඩිමට යන විදිහ කල්පනා කරනවා. බෝඩිමට ඉස්කෝලේ ඉඳන් වැඩි දුරක් නෑ. භාරකාරයෙක් නැති එක තාම අවුල.
බස් එක ඉස්කෝලේ ළඟට එනකල්ම අපිට හොඳ ප්ලෑන් එකක් හිත ගන්න බැරි වුණා. අන්තිමට බස් එක නතර කරපු ගමන් අපි හතර දෙන බස් එකෙන් බැහැල කළුවරේම බෝඩිමට දුවන්න පටන් ගත්තා. මොකද තව මොහොතක් හරි එතන හිටියොත් ඉස්කෝලේ නතර වෙන්න වෙනවනේ. අම්බුළුවාව නැගල කකුල් රිදෙනවා. එත් මග නතර වෙන්න බෑනේ. කොහොම හරි රැ දොළහට විතර රත්නපුර ටවුන් එක මැද්දෙන් බෝඩිමට දුවපු ට්රිප් එක නම් මාරු තමයි. හොඳ වෙලාවට කරදරයක් නැතිව බෝඩිමටම යාගන්න පුළුවන් වුණා.
Subscribe to:
Posts (Atom)