බස් එක රත්නපුරේ බස් නැවතුමෙන් කලවානට එන්න පිටත් වෙන්න හදන කොටම හිස් වෙලා තිබ්බ මගේ සිට එකේ කවුරු හරි වාඩි වුණා කියලා මට දැනුණා. ඒ කවුද කියලා දැන ගන්න මට ඕනි වුණේ නැති හින්දා කවුළුවෙන් එළියේ තිබ්බ ඇස් ඔහේ තියෙන්න දුන්නා.

"සිත්මි ඔයාට මාව මතකද?"
එක පාරටම හුරු පුරුදු කට හඬක් ළඟින්ම ඇහුණා. මම හෙමිහිට කටහඬ ආපු දිහාව හැරිලා බැලුවා. මන් ගාව ඉඳන් හිටියේ ඉස්සර මගේ පන්තියේ හිටපු පිරිමි ළමයෙක්. නම සුනෙත්
"ආනේ මම දැක්කේ නෑ"
මම උත්තර දුන්නේ පුදුමයෙන්. ගොඩක් කාලෙකට පස්සේ බලාපොරොත්තු නොවුණ වෙලාවක සුනෙත් හම්බ වෙච්ච එකට මම එච්චර කැමති වුණේ නෑ. එකට හේතු වුණේසුනෙත්ගේ හිතේ මගේ ගැන අදහසක් තිබුණ කියලා මට දැනිච්ච එක. මම කොහොමටවත් කැමති වුණේ නෑ ඒ වගේ සම්බන්ධකම් ඇති කර ගන්න.
"දකින්නේ කොහේද අහක බලාගෙන ඉන්න කොට. හැබැයි ඔයා නම් පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ."
සුනෙත් ඉස්සරට වඩා කටකාර වෙලා කියලා මට හිතුණා.
"ඔයා නම් ගොඩක් වෙනස් වෙලා වගේ" මමත් දන්නෙම නැතිව සුනෙත් එක්ක කතාවට වැටුණා.
පැය දෙකක් පුරාවටම අපි දෙන්නා එක එක මාතෘකා ගැන කතා කළා. අන්තිමට දන්නෙම නැතිව කලවානටම ආවා.
"එහෙනම් අපි යන්නම්"
සුනෙත් හිනා වෙලා බස් එකෙන් බැහැලා ගියා. කොච්චර දේවල් කියෙව්වත් එදත් සුනෙත් කිසිම වැරදි කතාවක් කිව්වේ නෑ. සමහර විට මම තරහ වෙයි කියලා බයට වෙන්න ඇති. කොහොම වුණත් ඒ හින්දම ආයේ හම්බ වුණේ නැතත් අපේ යාළු කම නැති වුණේ නෑ.
යාළුකම් ආදරේට පෙරලා ගන්න දඟලන ය අතර යාළුකම් නැති වෙයි කියලා ආදරේ හංගාගෙන ඉන්න සුනෙත් ගැන මට දැනුනේ පුංචි අනුකම්පාවක්.